
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම බොකළගම ප්‍රදේශයේ තිබූ පක්ෂ කාර්යාල දෙකකට හා දිවුලපිටිය කිතුල්වල ප්‍රදේශයේ පක්ෂ කාර්යාලයකට ගිනි තබා අලාබහානි කර ඇතැයි පල්ලේවෙල පොලිසිය කියයි .
කිතුල්වල ගිනිදම්මමන හන්දියේ පිහිටි පක්ෂ කාර්යාලයක නාම පුවරු වල තැනින් තැනට ගින්නෙන් හානි වී ඇති අතර ඊට කිලෝ මීටර් එක හමාරක් පමණ දුරින් පිහිටි හීදිවල ගම්මානයේ කාර්යලයක ද නාමපුවරු සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇත .
එම ස්ථානයට මීට දෙසීයක් පමණ දුරින් පිහිටි තවත් අපෙක්සකයකුගේ කාර්යාලයේ නාම පුවරුවල තැනින් තැන ගිනි තබා හානි කර තිබෙනු දක්නට ලැබිණි
හීදිවල ප්‍රදේශයේ ගිනි තබා තිබූ ස්ථාන දෙක අසල අත් අකුරින් ලියූ පෝස්ටර් කිහිපයක් දමා ගොස් පොලිසියට හමු වී ඇති අතර ඒවා පොලිස් පරීක්‍ෂණ නොමඟ යැවීමට කළ උත්සාහයක් බවට පොලිසිය සැක කරයි .
එක් කාර්යාලය අසල වැටී තිබූ ගිනි පෙට්ටියක් ද පොලිස් භාරයට ගෙන තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ම පුච්ච ගත්තා වෙන්න බැරිද...?
"මට මමමයි ගහ ගත්තේ" ?
ඡන්දේ කාලෙට ඔය වගේ වැඩ වෙන්නේ ලන්කාවේ? දූෂිත දේශපාලුවන් වගේම ඔවුන්ටම හරියන වහල්ලුත් ඉන්නවා...
සජබෙ සහ රනිල්ගෙ ගිනි තියලා තියෙන්නේ. මාළිමාවේ පෝස්ටර් ටිකකුත් දාලා ගිහින්. ගිනි පෙට්ටියේ AKD කියලත් ගහලා...
පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරපු දූෂිත, බලලෝභී දේශපාලුවන්ට, ඔවුන්ගේ වහල්ලුන්ට ඕවත් වැඩද? ඒ කාලේ පවුල් පාලනේ අය කරපුවා අපිට අද වගේ මතකයි.
මේවා ඔක්කොම රඟපෑම්...!
දැන් මේවාට රැවටෙන මිනිසුන් හරිම අඩුයි...
රනිල්ගෙයි සජිත්ගෙයි මොන්ටිසෝරි දේශපාලන, ඕවට රැවටෙන අය බොහෝම ටිකයි.
ඔය කාර්යාල හදන්න සල්ලි දුන්න අයම ගිණි තියන්නත් ආයෙම සල්ලි දෙනවා. උන්ම හදාගෙන උන්ම ගිණි තියාගෙන උන්ම සමාජ මාධ්‍යවල පෝස්ට් දමලා උන්ම කොමෙන්ට් දමලා මාලිමාවට බණින එක තමයි අළුත්ම වැඩේ.
යකෝ බැරි තැන උන් උන්ටම ගහ ගන්නවා.