
(සුජිත් හේවාජුලිගේ )
මාර්ග සංවර්ධන අධිකාරිය සේවකයන් සඳහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ නියමයන් නොසලකා 2020 වර්ෂයේදී වැටුප් වශයෙන් කෝටි 16 කට ආසන්න මුදලක් වැඩිපුර ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
අනුමත කළ වැටුප් තල ඉක්මවා ඉහළ වැටුප් තල ආදේශ කිරිම හේතුවෙන් වැටුප් වශයෙන් වැඩිපුර මුදලක් මෙලෙස ගෙවීමට සිදුව තිබූ බවද එහි දැක්වෙයි.
සේවකයන් පිරිසකට කළමනාකරණ සේවා නියමයන් නොසලකා හැර අධ්‍යක්ෂ මණ්ඩල තීරණ මත උසස්වීම් ලබාදී අනුමත නොකරන ලද වැටුප් පරිමාණ තීරණය කර ලබාදී තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
මේ අතර සේවකයන් 958 දෙනෙකුගේ අතිරික්තයක් පැවති අවස්ථාවක සේවකයන්ගේ වැටුප් වෙනුවෙන් රුපියල් කෝටි 1028කට වැඩි මුදලක් ඒ වර්ෂයේදී ගෙවා තිබූ බව පවසන විගණන නිලධාරීහු ඒ සඳහා මහා භාණ්ඩාගාරයෙන් ලබාගෙන තිබුණු ප්‍රදානවල වටිනාකම රුපියල් කෝටි 739 ක් බවද සඳහන් කළහ.
සමස්ථ සේවක මණ්ඩලය වෙනුවෙන් වැටුප් ගෙවීම වෙනුවෙන් රුපියල් කෝටි 288 කට වැඩි මුදලක් එම වර්ෂයේදී අධිකාරියේ අරමුදල්වලින් ගෙවා තිබු බව විගණන අංශ පවසයි.
මේ අතර මාර්ග රක්ෂිත අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය ලබා නොගෙන විවිධ ආර්ථික කටයුතු සඳහා බාහිර පාර්ශව වෙත බදු දී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම ඉඩම් බදුකරුවන් ගිවිසුම්ගත කාර්යයන්ගෙන් පරිබාහිර කටයුතු සඳහා භාවිතා කර තිබුණද අධිකාරිය ඒ සම්බන්ධව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබූ බව විගණන වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ තොරතුරු සඳහන් වන්නේ මාර්ග සංවර්ධන අධිකාරියේ 2020 වාර්ෂික වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසූගණන්වල තිබුනේ මහාමාර්ග දෙපාර්තමේන්තුව කියලා එකක්.. ඉතින් ඒකේ හිටපු නිලධාරින් හා සේවකයින් මහාපරිමාණයෙන් ගසාකෑම් කළා... ඉන් පස්සේ අධිකාරිය වුණත් (කැලේ මාරු වුණාට කොටියාගේ පුල්ලි නැතිවෙන්නේ නැහැ වගේ) දූෂණය, වංචාව, හොරකම් අඩුවෙලා නැහැ කියලා තමයි මෙයිනුත් පේන්නේ..
අධිකාරි, මණ්ඩල, සංස්ථාවල තමයි මෙවන් අක්‍රමිකතා සිද්ද වෙන්නේ. අධිකාරි, මණ්ඩල, සංස්ථා වුණාම වැඩකිරීම පහසුයි කියා පිහිටුවාගෙන කරන්නේ මෙවැනි දුෂණ අක්‍රමිකතා. පරිපාලනය කෙසේවෙතත් මුදල් ගනුදෙනු රජයේ FR වලට අනුකූලව කරන්න නීති හදන්න.
RDA එකේ වැඩ කිඩ ඉතාමත් ප්‍රදර්ශනියයි . පාරට බැහැල යනවිට සංවර්ධනය පෙනෙනවා. ඒ සඳහා අත දිගහැරලා වියදම් කරලත් තියෙනවා. නමුත් පාරක යනවිට පයින් යන කෙනාගේ ගේ හෝ පා පැදි කරුවෙකු ගේ හෝ ආරක්ෂාවට ගැලපෙන විධියට මාර්ග තනන බව නම් දකින්න ලැබෙන්නේ නැහැ. වැස්සකට අව්වකට බස් එකක් එනකන් නැවතිලා ඉන්න සුදුසු ආවරණයක් නැහැ. මාර්ග තනන්නේ වාහන වලට පමණක්ද ?
සමහර ව්‍යාපෘති කාලයක් අතරමග නැවතිලා විවිධ හේතුමත. ඒකට එතැන වැඩකරපු අය පලි නෑ. අරමුදලේ සපයන හා කළමනාකරණය බාර ආයතන වගකිව යුතුයි. හැම කෙනාටම තියෙන්නේ වුවමනාවක් හා සැලකිල්ලක් නැතිකම. පාරේ මොනම ඉදිකිරීමක් කළත් ඒකේ වැඩබලන හැමෝම ප්‍රමිතිය ගැන හිතන්න ඕනේ. ඒ කියන්නේ ශක්තිමත් බව සහ ලස්සන නිමාව. උදාහරණ ලෙස සමහර කොන්ක්‍රීට් කාණු පැතිබැමි එකක් නෑ, කෙලින් නෑ, පලුදු මී වද වගේ... කොච්චර සවුත්තුද? ඒවාට ගෙවීම් නවත්වන්න පුළුවන්. මොවුන් කරන්නේ පගාව අරන් ගෙවා දානවා. ඔවුන්ගේ ඉහට හෙන 7ක්ම ගහන්න ඕනේ...!