(ගයාන් සූරියආරච්චි)
කොළඹ නගර සීමාව තුළ සවිකර ඇති සීසීට්වී කැමරා පද්ධති මගින් රථවාහන වැරදි හඳුනාගෙන රියදුරන්ට දඩ කොළ නිකුත් කිරීමේ ක්‍රමවේදය විසි දෙවැනි දා සිට ක්‍රියාත්මක වන බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
රථවාහන පොලිස් නිලධාරියෙකු නිරීක්ෂණය කර රථවාහන වැරදි සොයාගන්නවට වඩා 300 ගුණයකින් මෙම ක්‍රමවේදය කාර්යක්ෂම බව වැඩ බලන පොලිස්පති වරයා පැවසීය.
පළාතක සිට කොළඹට පැමිණි අයෙක් රථ වාහන වරදකට හසුවී නම් පොලිසිය මගින් නිකුත් කරන කොවිතාන්සිය ඔහුගේ නිවසට පැමිණෙන අතර දඩ මුදල ගෙවීමෙන් පසු ළඟම ඇති පොලිසියෙන් රියදුරු බලපතල ලබා ගත හැකි බවත් වැඩ බලන පොලිස්පතිවරයා පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ක්‍රමවේද ලංකාවේ නැති වුණාට මැදපෙරදිග ඇතුළු අනෙකුත් රටවල් road CCTV system පාවිච්චි කරන්න පටන් අරන් අවුරුදු 10ක් වෙනවා. ඔය මහඅය හොරා කෑවේ නැත්නම් මීට අවුරුදු 15කට කලින් ඔය සිස්ටම් ලංකාවේ ස්ථාපිත කරන්න තිබුණා...