(යොහාන් භාසුර)

මරදාන දුම්රිය ස්ථානය ආසන්නේ අද (3) පස්වරුවේ සිදුවූ දුම්රිය පිලි පැනීම හේතුවෙන් මාර්ග දෙකක දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම මෙන් අත්හිටුවීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

දුම්රිය ධාවන මාර්ග තුනෙන් දෙකක් මේ වන විටත් අවහිර වී ඇති බවත් කොළඹ දෙසට දුම්රිය ඇතුලත් කිරීම් හා කොළඹ සිට පිටත් කිරීම් එක දුම්රිය මාර්ගයක් හරහා පමණක් වන බවත් එම නිලධාරියා කීය.

ඒ හේතුවෙන් අද දින ප්‍රධාන මාර්ගයේ ,උතුරු මාර්ගයේ හා පුත්තලම් මාර්ගයේ දුම්රිය තව දුරටත් ප්‍රමාද වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.