
(යොහාන් භාසුර)
දිවයිනේ අධිවේගී මාර්ග සහ මහාමාර්ග පද්ධතිය තුළ වන රිය අනතුරු අවම කරගැනීමේ අරමුණින් ජනතාව සහ රියදුරන් දැනුම්වත් කිරීමේ ‘මාර්ග ආරක්ෂාව සහ රියදුරු පුහුණු කුසලතා වර්ධනය කිරීමේ ජාතික වැඩසටහන’ ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (9) නිල වශයෙන් ආරම්භ විය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව එක්ව සංවිධානය කරන මෙම ජාතික වැඩසටහනේ සමාරම්භය මහාමාර්ග අමාත්‍යාංශයීය ශ්‍රවණාගාරයේදී පැවත්විණ.
ප්‍රධාන පුහුණු වැඩසටහනට අමතරව කැළණිය, බොරැල්ල සහ ජා-ඇල යන ප්‍රදේශවලදී ද මෙම දැනුම්වත් කිරීමේ වැඩසටහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
එම අවස්ථාවට පොලිස් රථවාහන කොට්ඨාශයේ නිලධාරීන්, අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල නිලධාරීහු සහ රියදුරෝ ද එක්ව සිටියහ.
වසරකට සිදුවන 2,000 කට අධික රිය අනතුරු අවම කරමින්, රටට අහිමිවන 2,500 කට ආසන්න වටිනා ජීවිත ආරක්ෂා කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. නීති පැනවීම හා දඩ මුදල් අයකිරීමට අමතරව ජනතාව සහ රියදුරන් ආකල්පමය වශයෙන් පරිවර්තනයට ලක්කිරීම මෙමගින් අපේක්ෂා කරයි.
2025 නොවැම්බර් මස 04
750
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2404
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1759
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාර්ග ආරක්ෂාව - රියදුරු පුහුණු කුසලතා වර්ධනයට ජාතික වැඩසටහනක්
de silva berlin Wednesday, 09 April 2025 04:53 PM
බොහෝ දෙනෙකුට අධිවේගී මාර්ගයේ වාහන පැදවීම පිළිබඳ දැනුමක් නැහැ. බොහෝ දෙනෙක් මංතීරු දෙක බෙදෙන රේඛාව මැදි කරගෙන වාහන ධාවනය කරනවා වැනි වැරැදි විශාල සංඛ්‍යාවක් නොදැනුවත්කම නිසා කරනවා. විශාල අනතුරු සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයේ සිදුවන්නේ එම නිසා, අධිවේගී මාර්ගවල වාහන ධාවනය කළයුතු ආකාරය පිළිබඳව විනාඩි 7-8 කුඩා වාර්තාමය චිත්‍රපටියක් නිර්මාණය කර විද්‍යුත් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමත්, රියදුරු පුහුණුව ලබන පුද්ගලයින්ට එය දැකගැනීමට සැලසීමත් අත්‍යාවශ්‍ය කාරණයක් ලෙස මම දකිමි.
රනේ Wednesday, 09 April 2025 05:40 PM
පාර අයිනෙම තියෙන 'පට්ට රස' බිස්නස් අයින් කරන්න. ඒව ඔවුන්ගේ බූදල් වගේ...!
Basti Wednesday, 09 April 2025 07:24 PM
@රනේ ඒක තමා. කට්ටිය ඔය පට්ට රස බලන්න ගිහින් තමා අනතුරු කරගන්නේ. කාටවත් මීට කලින් ඕක තේරුනේ නැති හැටි අම්මපා....
Rata Perata Thursday, 10 April 2025 11:40 AM
මේක නම් කරන්න ඕනෙම වැඩක්. ලංකාවේ බොහෝ රියදුරන් වාහනේ ඉස්සරහට, පස්සට ගන්න විතරයි දන්නේ... මාර්ග නීතිරීති ගැන කිසිම හැඟීමක් නෑ.