(ප්‍රසාද් රුක්මල්)

දිවුලපැලැස්ස රොටලවෙල ක්‍රීඩාංගණයේ පැවති  සැනකෙලියක ඉදිකර තිබූ මාරක ලිදක් අහදිසියේ කඩා වැටීමෙන් පස්දෙනකු තුවාල ලබා ගිරාදුරුකෝට්ට සහ මහියංගණ රෝහලට ඇතුළත් කළ බව දිවුලපැලැස්ස පොලිසිය පවසයි .

තුවාල ලැබූවන් අතර අවුරුදු 50 ක් වයස කාන්තාවක් සහ අවුරුදු 13, 36,40,45 වයසේ පසුවෙන පිරිමි පුද්ගලයන් සිව්දෙනකු සිටින බවත් පොලිසිය කීය .

මොවුන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ පදිංචි අයවලුන් බවද පොලිසිය පැවසීය .

මෙම තුවාලකරුවන් ගෙන් දෙදෙනකු ගිරාදුරුකෝට්ට රෝහලේත්, සෙසු තිදෙනා මහියංගණ රෝහලෙත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවෙන බව පොලිසිය සදහන් කළේය .

වෙසක් උත්සවය නිමිත්තෙන් දිවුලපැලැස්ස රොටලවෙල ප්‍රදේශයේ විහාරස්ථානයක් මගින් සංවිධානය කර තිබූ මෙම  සැනකෙලියේ සමාරම්භක අවස්ථාවට ඊයේ දින රාත්‍රි සැනකෙලිය නැරඹීමට විශාල පිරිසක් පැමිණ ඇති අතර , සැණකෙළි භූමියේ ඉදිකර තිබූ මාරක ලිද නැරඹීමට ද ජනතාව පැමිණ තිබේ .