
(තරංග ගුණරත්න)
ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ වැලිගම කප්පරතොට ප්‍රදේශයේදි මාර්ගයේ ධාවනය වූ වෑන් රථයක් මතට මාර ගසක අත්තක් කඩා වැටීමෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව වැලිගම පොලිසිය පවසයි.
රාජගිරිය ප්‍රදේශයේ සිට මිරිස්ස ප්‍රදේශයට පුද්ගලයන් දස දෙනකු ගමන් කොට තිබෙන අතර එහිදි ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ කප්පරතොට ප්‍රදේශයේ මාර්ගය අසල පිහිටි මාර ගසක අත්තක් වෑන් රථය මතට කඩා වැටීමෙන් වෑන් රථයට බරපතල හානි සිදුව තිබේ
එහිදි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා 1990 ගිලන් රථයක් මගින් රෝහල්ගත කළ බව පොලිසිය කියයි.
එකවරම ඇතිවූ වර්ෂාපතනය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි .
කෙසේ වෙතත් මෙම අනතුර සමග පැයකට ආසන්න කාලයක් ගාල්ල මාතර ප්‍රධාන මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා පැමිණ තිබූ අතර එහිදි වැලිගම පොලිසිය මගින් පරණ ගාලු පාර ඔස්සේ රථවාහන ගමනාගමයට කටයුතු සිදු කළහ.

2025 දෙසැම්බර් මස 18
198
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
165
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර ගසේ අත්තක් වෑන් රථයෙ මතට කඩා වැටේ