
(කුෂාන් ජයවර්ධන)
රාත්‍රි කාලයේ නිවාසවලට පැමිණ දොරවල්වලට තට්ටු කර විවෘත කරවා ගැනීමට උත්සාහ දරා විවෘත නොකෙරන නිවාසවලට පහර දෙන වන අලියකු පිළිබදව කැකිරාව ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
ඒ අවස්ථාවලදී එම වන අලියා කලහකාරී ලෙස හැසිරෙන බව ප්‍රදේශවාසීහු කියති.
මෙම වන අලියා ඉකුත් දිනෙක රාත්‍රියේ කැකිරාව ශාස්ත්‍රවෙල්ලිය ප්‍රදේශයේ නිවෙසකට ද පැමිණ එම නිවෙසේ දොරට තට්ටු කර නිවැසියන් දොර විවෘත නොකිරීම නිසා එම දොරට පහරදී කඩා දමා ඇත.
රාත්‍රි කාලයේ සිය නිවෙසේ ප්‍රධාන දොරට කිසිවකු තට්ටු කරන බව ඇසී එම නිවැසියන් ජනේලයකින් එබී බලන විට නිවෙසට පැමිණ ඇත්තේ වන අලියකු බව දැන ගෙන ඇත.
ඒ සමග කලබලයට පත්ව ඇති නිවැසියන් නිවෙසේ කාමරයක් තුළ සැගව ඇත. සුළු වේලාවක් දොරට තට්ටු කරමින් සිටි වන අලියා පසුව එම දොරට පහර දී කඩා බිඳ දමා එහි දොර අගුලේ කොටසක් ද රැගෙන කලාවැව ජාතික උද්‍යානය දෙසට පලා ගොස් තිබිණ. දොර කඩා දැමූ වන අලියා එම නිවෙස ආසන්නයේ තිබූ කෙසෙල් වගාවකට ද හානි කර තිබිණ.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාර අලියෙක් කැකිරාවේ
Chathuri Friday, 07 March 2025 02:04 AM
කොයිතරම්. හොද අලියෙක්ද. හොරෙන් ඇවිත් කනවට තට්ටුවක් දාලා. අහන්නෙ කෙහෙල් කැනක් කන්න වෙන්න ඇති. මොනවා වුනත් වැදගත් අලියෙක්. අලියගේ නම විකුනමින් හොරා කනහැටි කොහොමද. දෙපයින් යන තිරිසන්නු. මුලු ලන්කාවම කෑවා
Chathu Friday, 07 March 2025 05:37 AM
රනිල් ද සජිත් ද ? චන්දෙ ඉල්ලන්න ඇවිත්.
Perera Friday, 07 March 2025 07:24 AM
තට්ටු කරන විට දොර ඇරලා බලන්න එපැයි උවමනාව මොකක්ද කියලා.