
(අංජුල මහික වීරරත්න)
මාවනැල්ල මයුරපාද මධ්‍ය මහා විද්‍යාලයේ සිසු දරුදැරියන්ට පාසල් අධ්‍යාපන චාරිකාවට සමගාමීව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාගී වීමට අද (01) අවස්ථාව උදා විය.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා පාර්ලිමේන්තු ජනසන්නිවේදන අංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩසටහන මගින් පාසල් දරුවන්ගේ අධ්‍යයන ක්ෂේත්‍රවලට අදාළව ජනාධිපති කාර්යාලය, ජනාධිපති මන්දිරය, කොළඹ වරාය නගරය හා පාර්ලිමේන්තුව නැරඹීමට අවස්ථාව උදා කර දී ඇත.
මෙම වැඩසටහන අතරතුර, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ජනමාධ්‍ය සතු වගකීම්, මාධ්‍ය ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය භාවිත කිරීමේ වැදගත්කම සහ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සිසු දරුදැරියන් සහ ගුරුවරුන් දැනුවත් කළාය.
මෙම වැඩසටහනට සමගාමීව ක්ලීන් ශ්‍රී ලංකා “ Clean Sri Lanka” වැඩසටහන සහ එහි සංකල්පමය වටිනාකම පිළිබඳව සිසු දරුදැරියන් දැනුවත් කිරීමද සිදු කෙරිණ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර අපි කුනුහරප ඉගෙන ගත්තේ පාර්ලිමේන්තුව දිහා බලලා. වාසුදේවට විශේෂයෙන් උපහාර දෙන්න ඕනේ...