
(ටී.කේ.ජී.කපිල )
මියන්මාරයේ පරිගණක අපරාධකරුවන් ගේ සයිබර් කදවුර තුළ බලහත්කාරයෙන් රදවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ - තරුණියන් 49 දෙනා සහ රුසියානු - යුක්‍රේන යුද්ධයට මැදි වී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරා ගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනකු අද(27) දින 10 ක සංචාරයකට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තය බලා පිටත්ව ගියහ.
මෙම රාජතාන්ත්‍රික මෙහෙයුම සදහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සදහා මෙම පිරිස පිටත්ව ගියහ.
මෙම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නීතීඥ වසන්ත යාපා බණ්ඩාර , ජේ.සී.අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඇතුළත් වී සිටි අතර මොවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට නියමිතය .
මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස ත්‍රයි නිකායික මහ නාහිමි වරුන්ගේ සහ විපක්ෂ නනායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි රැගෙන මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ , මියන්මාරයේ සංඝ නායක හිමිවරුන් සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වී භාර දීමට නියමිතය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තායි ගිහින් වැඩ කිරිල්ල කෙසේ වෙතත් හිහි ....
තමන්ගේ පුද්ගලික මුදල් වියදම් කරමින් රට වෙනුවෙන් තායි යන අපේ විරුවෝ...!
ළමුන් බාරගැනීමට... ඔබ සැමට දෙවිපිහිටයි...!