(විමුක්ති එස් රුද්‍රිගු)
මියන්මාර අත් අත්අඩංගුවේ පසුවූ ශ්‍රී ලාංකික ධීවර බෝට්ටු දෙකෙහි නියමුවන් දෙදෙනාට වසර 5 බැගින් සිර දඬුවම් සහ දඩ මියන්මාර අධිකරණය නියම කළ බව එරට ශ්‍රී ලංකා තානාපති ජනක බණ්ඩාර මහතා ප්‍රකාශ කළේය.
එම ධීවර බෝට්ටු දෙකෙහි ඉතිරි ධීවරයන් 13 ට වසර 3 බැගින් වූ සිර දඬුවම් හා දඩ මියන්මාර අධිකරණය නියම කළ බව තානාපතිවරයා පැවැසුවේය.
මියන්මාර අත් අඩංගුවේ පසුවූ ධීවරයන් 15 දෙනාට චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබූ බවද ඔහු ප්‍රකාශ කළේය.ඔවුන්ට එල්ල කර තිබූ පළමු චෝදනාව වූයේ ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් මියන්මාර මුහුදු සීමාවට ඇතුළු වීම බවත් දෙවැනි චෝදනාව වූයේ මියන්මාර මුහුදු සීමාවේ නීති විරෝධී අන්දමින් මසුන් ඇල්ලීම බවත් ජනක බණ්ඩාර මහතා පැවැසුවේය.ධීවරයන් 15 දෙනාම වරද පිළිගැනීමෙන් පසු මියන්මාර අධිකරණය මෙම දඬුවම් නියම කළ බවද ඔහු ප්‍රකාශ කළේය.
ධීවරයන් 15 දෙනා සම්බන්ධයෙන් නඩු කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස තානාපති කාර්යාලය මියන්මාර රජයෙන් ඉල්ලීමක් කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස නඩු කටයුතු කඩිනමින් අවසන් වූ බවත් තානාපතිවරයා පැවැසුවේය.ධීවරයන් 15 දෙනාට නියම වූ සම්පූර්ණ දඩ මුදල එදිනම තානාපති කාර්යාලය ගෙවා දැමූ බවද ඔහු ප්‍රකාශ කළේය.
සිර දඬුවම් නියම වූ ධීවරයන් 15 දෙනාට මියන්මාර රජය එකඟ වී තිබෙන බවත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යංශයේ උපදෙස් මත තානාපති කාර්යාලය සාකච්ඡා ආරම්භ කර තිබෙන බවත් ජනක බණ්ඩාර මහතා පැවැසුවේය.ඉදිරි කාලයේදී ධීවරයන් 15 දෙනාට පොදු සමාව ලබා ගැනීමට සහ ධීවර බෝට්ටු දෙක නිදහස් කර ගැනීමට හැකිවෙනු ඇති බවත් නිදහස් කර ගැනීමෙන් පසු ධීවරයන් පිරිස ශ්‍රී ලංකාවට එවීමට බලාපොරොත්තු වන බවත් තානාපතිවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මියන්මාර අත්අඩංගුවේ සිටි ලාංකික ධීවර බෝට්ටු නියමුවන් වසර 5ක් හිරේට