(රංජිත් රාජපක්ෂ)
හැටන් වටවල පොලිස් වසමට අයත් රොසැල්ල පිටවින් ඉහළ කොටසේ පදිංචිව සිට මිය ගොස් සිටි කාන්තාවකගේ සිරුර නිවස පිටුපස වගා ළිඳක දමා තිබියදී හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත්‍රාත් සංජිව ෆොන්සේකා මහතා ඉදිරියේ අද (13) ගොඩ ගනු ලැබිණි.
මෙලෙස මිය ගොස් තිබුණේ 81 හැවිරිදි වල්ලිඅම්මා රගෙයි නැමති එක් දරු මවකි.
ඉකුත් 9 දින එම එක් දරු මව නිවසේදි මිය ගිය බව පවසමින් ඇගේ පුතා විසින් මවගේ අවමංගල්‍යය කටයුතු සිදු කිරිමට ආර්ථික පහසුකම් නොමැති බව පවසා සිරුර කැළයකට ගොස් දමන බව පවසමින් ඔහු විසින් සිරුර රැගෙන ගිය බවට ලේලිය විසින් වටවල පොලිසියට ප්‍රකාශයක් දී තිබිණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් වශයෙන් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ වටවල පොලිසියේ නිලධාරීන් ඊයේ (12) මියගිය කාන්තාවගේ අවුරුදු 8 වයසැති බාල මුණුබුරාගෙන් ප්‍රකාශයක් ලබා ගැනිමේදී මෙසේ සඳහන් කර තිබිණි.
තම මිත්තණියට පියා, මව සහ අයියා විසින් පොල්ලකින් පහර දී පුටුවක ගැට ගැසු බවත් පසුව ආච්චිගේ දෑස්වලින් සහ මුහුණෙන් ලේ ගැලීමෙන් පසුව ආච්චිව උරයක දමාගෙන ආච්චිව පියා රැගෙන ගිය බවයි.
බාල මුණුබුරාගේ ප්‍රකාශය අනුව වටවල පොලිසිය විසින් ලේලිව මුලින්ම සැකපිට අත්අඩංගුවට ගෙන ඇය සමග කොළඹ ප්‍රදේශයට ගොස් සැගව සිටි සැමියා සහ වැඩිමහල් පුතාව ඊයේ දහවල් (12) සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණි.
සැකපිට අත්අඩංගුවට ගත් පුතාගෙන් දිර්ඝ වශයෙන් ප්‍රශ්න කිරීමේදි තම මවගේ සිරුර නිවස පිටුපස අතහැර දමා ඇති වගා ළිඳකට දමා වසා දැමු බව පවසා ඇත.
පසුව සැකකරුවන් එම ස්ථානයට රැගෙන විත් හැටන් වැඩබලන මහෙස්ත්‍රාත් සහ දික්ඔය මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය කලන ලොකුහේවගේ මහතා ඉදිරියේ සිරුර ගොඩ ගෙන සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහෙස්ත්‍රාත් නියෝගය මත දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරිය වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇත.
මෙය ඝාතනයක් ද නැතහොත් ස්වාභාවික මරණයක් ද යන්න පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු තහවුරු කර ගත හැකි බව සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන වටවල පොලිසිය පවසයි.
මවගේ සිරුර රෙදි කැබිලිවල ඔතා උරයක බහා වගා ළිඳට දමා සිරුරට උඩින් සිරුර ගොඩ නොයෙන ලෙස විශාල ගල් කිහිපයක් ද සැකකරුවන් විසින් වගා ළිඳ මත දමා තිබු බව සිදුකළ පරීක්ෂණවලදී අනාවරණය විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සතෙක්වත් නොමරන විදිහට මිනිසුන් මරන්න ධර්මදීපය අද සැහැසිවෙලා. 77න් පස්සේ දේශපාලකයන් රටට උරුම කරලා දුන් දායාදයක් තමයි මිනීමරන මානසිකත්වය...
අද බොහෝ දෙනෙකුට තමන් ළදරු අවස්ථාවේදී හදා වඩා ගත් දෙමව්පියන් වියපත්වූ විට, ඔවුන් මහා කරදරයක් බවට පත්වී ඇත. මෙවැනි කෙලෙහිගුණ නොදත් ජාතියක් කිසිදිනක දියුණු නොවේ.
අම්මව කරදරයක් නම් මහපාරට ගෙනත් දමන්න තිබුණා. මොන හිතකින්ද පොල්ලකින් ගහන්නේ...? තිරිසන් ජෝඩුවක් දරුවවත් ඒ පාපයට එකතු කෙරුවා. ඔය දඬුවම ලබන ආත්මේ තමයි දරුවාගෙන්, මේ දෙන්නටත්. ලැබෙන්නේ...