
( තිළිණි ද සිල්වා )
ජාත්‍යන්තර ප්‍රජාවගෙන් ශ්‍රී ලංකාවට චෝදනා එල්ලවූ සෑම අවස්ථාවකදීම මයිකල් නේස්බි සාමිවරයා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ ලංකාව වෙනුවෙන් පෙනී සිටිය බවත් , ඒ පිළිබද තේරුම්ගත් එවැනි දේශපාලනඥයෙක් සිටීමට හැමවිට ශ්‍රී ලංකාවට වාසියක් වූ බව ද විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා බ්‍රිතාන්‍යයේදී කියා සිටියේය.
මේ දිනවල බ්‍රිතාන්‍යයේ නිල සංචාරයක නිරත විදේශ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා , මයිකල් නේස්බි සාමිවරයා ඇතුළු බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී මණ්ඩල දෙකෙහිම සාමාජිකයන් රැසක් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පිරිසක් අමතමින් මේ බව කියා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙසේද කියා සිටියේය.
ශ්‍රී ලංකාවේ පවතින ගැටලු ඉතාම සංකීර්ණ දෙයක් .සත්‍ය වශයෙන්ම බ්‍රිතාන්‍ය තුළත් , ජාත්‍යන්තරය තුළත් මේ දේ ඉතා හොදින්ම දැනගත්තේත් , ඉතා හොදින් තේරුම් ගනු ලැබුවේ මයිකල් නේස්බි සාමිවරයායි.නේස්බි සාමිවරයා ලංකාව ගැන ඉතා හොද අවබෝධයකින් සිටීම ලංකාවට හැම විටම වාසියක් වුනා.
මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට චෝදනා දිගින් දිගටම එල්ල වූවත් , මේක ඉතාම සංකිර් ණ ප්‍රශ්නයක් වූවා.එය තේරුම් අරන් කටයුතු කළ පුමුඛතම බ්‍රිත්‍යාන්‍ය දේශපාලනඥයා නේස්බි සාමිවරයායි.ලංකාව වෙනුවෙන් හැමවිටම පෙනී සිටිමින් , එහි වාසිය ලංකාවට නිරතුරුවම දුන් නේස්බි සාමිවරයාට මා හද පතුලෙන්ම ස්තූතිය පළ කර සිටිනවා.
තවත් දෙයක් මෙහිදී සදහන් කළ යුතුයි.ඒ තමයි බ්‍රිතාන්‍ය තුළ අධ්‍යාපනය ලැබූවෙකුට ලංකාවේ හෝ වේවා වෙන ඔනෑම රටක ඔනෑම වෘත්තීයක නිරත විය හැකියාව හා පරිචය හැමවිටම හිමිවන බවද අමාත්‍ය මහචාර්ය ජී.එල්.පීරිස් මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.
මෙහිදී මයිකල් නේස්බි සාමිවරයා විසින් විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසට බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ ඇට්ලී ශාලාවේ දී දිවා භෝජන සංග්‍රහයක්ද පවත්වනු ලැබීය.ඊට බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජා සිරිසේන මහත්මියද එක් වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලියම් ෆොක්ස්ව ගෙන්න ගෙන කරපු හරිය අමතක උනාද.
නේස්බි සාමිවරයා තුමා අපේ රට ගැන දෙමල කොටි ඩයස්පෝරාව කරන බොරු චෝදනා හැමතිස්සෙම එ රටේ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විවේචනය කළා හොඳ සාක්ෂි සහිතව .එහෙම නොකලා නම් අපේ රටට මීට වඩා වැඩි කරදරවලට මුහුණ පාන්න වෙනවා .එතුමාට ඉතාම කෘතවේදී වෙනවා
ගෝලීය දේශපාලනේ කියන අඳුරු වලාවේ රිදී රේඛාව තමයි නෙස්බි සාමිතුමා.