(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න.)

එකම පවුලේ සහෝදරයින්  දෙදෙනෙකු වාසය කරන නිවසකට ඇතුළු වූ මීයෙකු සම්බන්ධයෙන් දෙදෙනා අතර වූ   බහින් බස්වීමක් දුරදිග යන අතරතුරදි එක් වරම ක්ලාන්ත වී ඇද වැටුණු බාල සහෝදරයා ප්‍රතිකාර සඳහා තලංගම දිසා රෝහලට ඇතුළත් කිරීමට යාමේදී  මියගොස් ඇතැයි තලංගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ බත්තරමුල්ල තලංගම දකුණ පදිංචි එගොඩවත්ත ආරච්චිගේ අනුර කිත්සිරි නමැති (59) හැවිරිදි විශ්‍රාමික ගණකාධිකාරීවරයෙකු බව පොලිසිය කියයි.

මෙම පුද්ගලයා විවාහ වී දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන අතර වැඩිමහල් සහෝදරයා අවිවාහකව එකම නිවසේ වාසය කරන අතර අද  (19) දා උදෑසන දියණියන් දෙදෙනා සහ බිරිද පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා නිවසින් බැහැරට ගිය අවස්ථාවේදී නිවසේ රැඳී සිට ඇත්තේ මෙම සහෝදරයන් දෙදෙනා පමණක් බව පොලිසිය කියයි.