
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පක්ෂ හයක නියෝජිතයන් අද (1) මැයි දිනයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 685 ක් මුදල් ගෙවා ලබාගෙන ඇතැයි සභාපති ලලිත්ද අල්විස් මහතා පැවසීය
එම නියෝජිතයන් විසින් බස් රථ 1500 ක් මුලින් ඇනවුම්කර තිබූ බවද සභාපතිවරයා කීය
ලංකා කම්කරු කොංග්‍රසය , ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය , සමගි ජන බලවේගය , ජාතික ජන බලවේගය හා කඳුරට ජනතා පක්ෂයේ නියෝජිතයෙන් විසින් එම බස් රථ ලබාගෙන තිබුණි
දිවයිනේ ප්‍රාදේශික දොළහෙන් උතුරු නැගෙනහිර හැරෙන්නට අනෙකුත් ප්‍රාදේශික දහයෙන් එහි ප්‍රාදේශික කළමනාකරුවන් විසින් මෙම බස් රථ සපයා ඇතැයි ඔහු කීය
මේ සඳහා වැඩිම බස් රථ ප්‍රමාණය වන බස් 148 ක් සබරගමුව ප්‍රාදේශිකය මගින් සපයා ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිත් දවස්වලට මිනිස්සුන්ට යන්නත් ඔය බස් දාපල්ලා පුළුවන් නම්... මොකද මිනිස්සු යන්නේ සල්ලි ගෙවලා ටිකට් අරන්...
ඒ කාලේ දූෂිත දේශපාලුවන් ජනතාව බලෙන් ගෙනාවේ. ඒ විතරක් නෙවෙයි, ඔවුන් කෝටි ගණන් ලන්ගමේට පොලු තිබ්බා කියලා දන්නෝ හොඳාකාරවම දනිති...
මේ දුක් මහන්සි වන කම්කරුවන් වෙනුවෙන් ද ? දේශපාලන පක්ෂ වල ප්‍රචාරය වෙනුවෙන් නේද? කම්කරු දිනයේදී තම බලය පෙන්වීමට කෝටි ගණනින් මුදල් වෙන් කිරීමක්.