
(අංජුල මහික වීරරත්න)
නිට්ටඹුවෙි දී ඉකුත් මැයි 09වැනිදා සිදුවූ කළහකාරී සිදුවීමකින් මිය ගිය පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතාගේ බිරිඳ සහ දරුවන් දෙදෙනා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
අදාළ සිදුවීම පිළිබඳ බලවත් කණගාටුව පළ කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම දරුවන්ගේ අධ්‍යාපනය ඇතුළු අවශ්‍ය ඕනෑම උපකාරයක් තිබෙි නම් තමා වෙත දැනුම් දෙන ලෙස ද ඔවුන්ට පැවසීය.
තමා පෞද්ගලිකව හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් රජයෙන් කෙරෙන ප්‍රදානයන් යටතේ ඕනෑම උපකාරයක් එම දරුවන්ගේ අනාගතයත් පවුලේ සුබසාධනයත් වෙනුවෙන් ලබාදීමට සූදානම් බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය .
අදාළ සිදුවීමෙන් මිය ගිය අමරකීර්ති අතුකෝරාළ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරී පොලිස් සැරයන් ජයන්ත ගුණවර්ධන නිලධාරියා වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් මූල්‍ය පරිත්‍යාගයක් සිදු කිරීම ද පසුගියදා ජනාධිපතිවරයා අතින් සිදු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වගේම රඹුක්කනේදී පොලීස් වැඩි පහරින් ඝාතනයට ලක්වූ තරුණයාගේ පවුලට, තෙල්, ගෑස් පෝලීම්වල ජීවිතක්ෂයට පත්වූ සහ බෙහෙත් නැතුව ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වලටත් මේ හා සමාන උපකාරය ලැබියයුතුයි. මෙම මන්ත්‍රී පවුලට පමණක් සාධාරණ ඉටු වෙන්න බැහැ. මම මෙම ඝාතනය හරි කියල කියන්න නැහැ. නමුත් එදා මෙම මන්ත්‍රී කොළඹට ආවේ රාජකාරි කටයුත්තකට නොවේ. මහින්දගේ ඉල්ලා අස්වීම් නාධාගමට එවින් තියන්නේ.
එතකොට අනෙක් මිනිස්සුන්ගෙ දරුවො?
රඹුක්කන මිය ගිය අයට ළමයි නැද්ද? එයාලා ගැන හොයලා බලන්නේ නැද්ද. ලැබුණ ඡන්ද 30000 ත් ලබන සැරේ නැතිවෙයි පොඩි මිනිහා ගැන නොසිතුවොත්.