
(විමුක්ති එස් රුද්‍රිගු)
මියගිය බවට අනුමාන කළ ඉන්දියාවේ ඔඩීෂාහි 52 හැවිරිදි කාන්තාවක් සෑයට ගිනි තැබීමට මොහොතකට පෙර දෑස් විවර කළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් හෝ මරණ සහතිකයක් ලබා ගැනීමට උත්සාහ කිරීමකින් තොරව එම කාන්තාවගේ ස්වාමිපුරුෂයා සිය බිරිඳ මියගියේ යැයි අනුමාන කර ඇගේ සිරුර බිජිපූර්හි ආදාහනාගාරය වෙත අවමංගල්‍ය රථයකින් රැගෙන ගොස් ඇත.
මෙම අවාසනාවන්ත සිදුවීමට එම කාන්තාව පසුගිය 12 වැනිදා මුහුණ දී ඇති අතර එම අවස්ථාවේදී ඉක්මනින් සිය බිරිඳ ස්වාමිපුරුෂයා විසින් රෝහලකට රැගෙන යනු ලැබ ඇතත් ප්‍රතිකාර කිරීමට මුදල් නොමැති වීම නිසා පසුව ඇයව නිවසට රැගෙන ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
එතැන් සිට මේ දක්වා ඇය ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැති වීම නිසා ජීවිතයත් මරණයත් අතර සටන් කරන බව ඇයගේ නෑදෑයන් ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත.
2025 දෙසැම්බර් මස 18
247
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
986
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මිය ගිය බිරිඳට සෑයේදී පණ ඇවිත්