(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මේ පාර්ලිමේන්තුවේ අපිට යම් ප්‍රතිවිරුද්ධ දේශපාලන කඳවුරක් නිර්මාණය වී තිබෙනවා. ඒ කඳවුරත් එක්ක මතවාදී ක්‍රියාකාරීත්වයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ අපේක්ෂක අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
එළියේ ජනතාව සහ පාර්ලිමේන්තු සභාව අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙන බවද අනුර කුමාර දිසානායක මහතා කීය
තවදුරටත් අදහස් දැක්වූ අනුර දිසානායක මහතා:-
අපේක්ෂකයන්ගේ සජබ නායකතුමා විසින් පොහොට්ටුවේ භාණ්ඩාගාරික යෝජනා කරනවා. ඒකට සාමාන්‍යයෙන් කියනවා පොහොට්ටුවේ සභාපතිතුමාගේ පිළ කියලා. මොකද ජී. එල් පීරිස් මහතා ස්ථිර කිරීම හරහා එය අපි දුටුවා. ඒවගේම රනිල් වික්‍රමසිංහ මහතාගේ පාසල් මිතුරා දිනේෂ් ගුණවර්ධන පැරණි වාමාංශික ඉතිහාස පවුලකින් පැවත එන එතුමගෙ යෝජනාවෙන් එක්සත් ජාතික පක්ෂයේ නායකතුමා යෝජනා වෙනවා.
ඒක නිකන් පොහොට්ටුවේ ලේකම්තුමාගේ පිල වගේ.හැබැයි ලේකම්තුමාට යම් අවතාරයක් වැසී තිබෙන බවත් අපි දන්නවා. ඒක තමයි දේශපාලනය.
ඒ නිසා ඒ කදවුරු දෙක අතර ඡන්දයක් පැවතුනත් අපට අනන්‍ය අපේ දේශපාලනය, අපේ ප්‍රතිපත්තියෙන් කේන්ද්‍රගත කරගෙන මා තරග කළා. මේක කිසිසේත්ම වික්ෂිප්ත භාවයට පත්වෙන කිසිසේත්ම අනපේක්ෂිත ප්‍රතිඵලයක් ලෙස මා සලකන්නේ නැහැ.මේ තමයි අද අපේ රටේ පාර්ලිමේන්තුවේ පෙන්නුම් කරමින් තිබෙන සංයුතියේ ස්වභාවය. හැබැයි ඒ වගේම මා විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුව තුළ මේ ඉලක්කම් ඇතුලේ මේ සංඛ්‍යා දත්ත ඇතුලේ පෙන්නුම් කරන සංයුතිය නෙමේ අද මහපොළොවේ සැබෑ සංයුතිය කියලා. ඒ නිසා අද කිසිසේත්ම කවුරුත් විශ්වාස කරනවා නම් ජනතාවගේ සාධාරණ කැමැත්තේ පිළිබිඹුවක් මෙම පාර්ලිමේන්තුව තුළ දිස් වුණා කියලා එක්ක මුළුමනින්ම මිත්‍යාවක්.මෙයින් පෙන්නුම් කොට තිබෙන්නේ ජනතාවගේ කැමැත්තෙන් විකෘති වූ පිළිබිඹුවක්. එක මතක තබාගන්න. ජනතාව මේ සභාගර්භයේ ඔබලා අතර විශාල පරස්පරතාවයක් නිර්මාණය වී තිබෙනවා. එළියේ ජනතාවත් මේ සභාවත් අතර විශාල ප්‍රතිවිරෝධයක් නිර්මාණය වී තිබෙනවා. හැබැයි මීට වඩා කිසිවක් මේ පාර්ලිමේන්තුවේන් නම් අපේක්ෂා කරන්නේ නැහැ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිත් දැනගෙන හිටියා මෙහෙම වෙනවා කියලා. මොකද වහල් වෙළඳාම ජයටම කෙරුණනේ පහුගිය දවස්වල...
අපිටත් පුදුමයක් නෑ.සුජාතම දේශපාලන පක්ෂය සහ සුජාතම ජනතා නියෝජිතයින් වෙන ඔයා ඇතුලු පිරිසත් දැන් කියෙව්ව මදිද? හරි හෝ වැර දි දැන් ජනපති පත් උනා.ඒ නිසා කාලායක් තිස්සේ ගහන තැටියම නොගහා කරන්න හැකි දේ කර්න්න.ඔයත් නිකන් පුතාණෝ වගේ නොවී.
රට බංකොලොත් වෙලා තියෙන මේ වගේ වෙලාවක තමයි ඔබතුමාලාගෙ කැපවීම රට වෙනුවෙන් අවශ්‍ය වෙන්නේ.ඒත් ඔබතුමන්ලා ඔයා තියෙන සාම්ප්‍රදායික දේශාපාලන ක්‍රම වෙනස්කොට නම්‍යශීලී වී සැවොම සමග වැඩකොට රට ගොඩගන්න.ඒ තුළින් ඔබතුමාල ජන විඥානය ජයගන්න. දක්ෂ කිමිදුම් කරුවා දියසුළිය සමග පොරබැදීමට යන්නේ නැහැ.ඔහු බළවත් දිය සුළිය මත පාවෙමින් කැරකෙමින් දිය සුළිය සමග පොර නොබදා එය නිසල වෙන තෙක් සිට තමන්ට අවශ්‍ය තැනට පිහිනා යනවා.ජේවීපී,පෙරටුගාමීන් හා අරගල කරුවන් රටේ පැවැත්මට හොඳ සේවයක් කළ හැකි අය බව සත්‍යයි.ඒත්,රටේ මූලික නීතිය කියනා ව්‍යවස්ථාව එපා කියනා අයත් මේ අරගල කරුවන් අතර සිටීම සැබවින්ම පුදුමය.රටේ පාලනය බාරගැනීමට එන අය මීට වඩා බුද්ධියකින් හා සංවර කමකින් කටයුතු කිරීම අත්‍යවශ්‍ය වේ.
හැමදාම වගේ අදත් පොර ටෝක්ස්.. ඔක්කොම දන්නවා. මොකවත් බැහැ. අඩුම ගානේ ඡන්ද 4 ගන්නකෝ..!
ඡන්දෙ ඉල්ලුවොත් 3%.. පාර්ලිමේන්තුව ඇතුළෙත් ඡන්ද 3. දැන්වත් තේරුම් ගන්න තත්වේ..!
අපි ඔක්කොම එක පොල් මල්ලි..!
අනුර මහත්තයා ඔයා තේරුම් ගත්තොත් හොඳයි, රටට ආදරයක් තියන පොඩි හෝ බුද්ධියක් තියෙන කවුරුවත් ඔබට කැමැති බව, එය හොඳින් තේරුම් අරගෙන ඉස්සරහට ගියොත් කවදා හෝ ඔබට ජනාධිපති වීමට සමහරක් විට පුළුවන් වේවි..!
මෙයා කළේ ප්‍රෝඩාවක්.. මෙයාට හැමදාම 3ම තමයි.
තමුන් බලාපොරොත්තු වූ ලෙසටම බැරි වෙලාවත් පරණ පිනකට ජනපති වුණානම්, ඔබතුමා කියයි "ජනතාවගේ සාධාරණ කැමැත්තේ පිළිබිඹුවක් මෙම පාර්ලිමේන්තුව තුළ දිස්වුණා කියලා..."
මේ අය නිකන් වහල්ලු නෙවෙයි.. ඔරිජිනල් වහල්ලු...!
"ලේකම්තුමාට යම් අවතාරයක් වැසී තිබෙන බවත් අපි දන්නවා." — කළු කුමාර දිෂ්ටිය වැහිලා නැති හින්දා තමයි හිතට අමාරු නේද?
මුලු රටම මෙය දැනගෙන හිටිය, හොරු කවදද අවංක මිනිහෙක් තම නායකය කරගන්නෙ
ඊලග ඡන්දෙ දී 3% ස්ථිර යි වගේ.
නිරාගමික, රැඩිකල්, සින්හල බෞද්ඩ්යන්ට වයිර කරන කෙනෙකුට මේ බිමෙ රජ වෙන්න බෑ
වපුරපු විදිහට තමා අස්වැන්න බ්රෝ.......
පරදිනවා දැන දැන මොන කෙන්ගෙඩියකට ද ඉදිරිපත් උනේ. පාර්ලිමේන්තුවේ ( මහජනතාවගේ) වටිනා කාලය නාස්ති කරන්නද? කඩා බිඳ දාන්න, ගිණි තියන්න, අවසානයේ මිනී මරන්න විතරයි ජෙප්පෝ දන්නේ.