IMG-LOGO

2025 අගෝස්තු මස 08 වන සිකුරාදා


මැයි 9 සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට වාර්තාවක්

(ඉන්දිකා රාමනායක)

ගාලුමුවදොර පිහිටි ගෝඨා ගෝ ගමට ඉකුත් මැයි මස (9) දින එල්ල වු ප්‍රහාරය සම්බන්ධයෙන් රාජකාරි පැහැර හරින ලද පොලිස්පතිවරයා ඇතුලු එම ප්‍රදේශයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙසට ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිසම මගින් ජනාධිපතිවරයා වෙත නිර්දේශ කළ බව එම කොමිසම පවසයි.

මෙම පරික්ෂණයෙන් පසු සිද්ධියේ දී පහර කෑමට හා තුවාල ලැබු පිරිස් හදුනාගෙන එම වින්දිතයන්ට පොලිසිය ලවා ප්‍රමාණවත් වන්දි ගෙවීමට සිදු කරන ලෙසට මානව කොමිසම කළ නිර්දේශයේ සඳහන් වන බවද එම කොමිසම පවසයි.

මෙම සිද්ධියේ දී පොලිස්පතිවරයා සහ එම ස්ථානයේ රාජකාරි කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නතෝ මහතා ඇතුලු පොලිස් නිලධාරීන් අතින් රාජකාරි උල්ලංඝනය කිරීමත් සිදුව ඇති බවට නිරීක්ෂණ වී ඇති බවද කොමිසම සඳහන් කරයි.

සිද්ධිය වු දින අරලියහග මන්දිරය තුළ මන්ත්‍රිවරුන්, පිරිස කළ ප්‍රකාශ සම්බන්ධයෙන් නිසි පරිදි අනාවරණයක් කරගෙන නොමැති බවත්, සිද්ධියෙන් පසු ගාලුමුවදොර සාමාකාමී අරගලයේ නිරත අරගල කරුවන්ට එදින ආරක්ෂාව සහතික කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බවද මානව හිමිකම් කොමිසම් නිවේදනයේ වැඩිුදරටත් සඳහන් වේ.

 



අදහස් (2)

මැයි 9 සිද්ධිය ගැන මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට වාර්තාවක්

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 27 July 2022 10:01 AM

සත්‍ය වශයෙන්ම, මේ සම්බන්ධයෙන් වගකිව යුතු සැමට නිසි දඬුවම් ලැබිය යුතුයි. එදා අරලිය ගහ මන්දිරයේ සිට සංවිධානය කළ මැර කල්ලි කණ්ඩායම් ප්‍රහාරය සිදු නොවන්නට, රටේ මෙතරම් ව්‍යසනයක් සිදුනොවීමට ඉඩ තිබුණි. රටේ ජනතාව විශාල ලෙස පාරට බැස්සේත්, ඔවුන් කලහකාරී ලෙස හැසිරුණේත්, මැති ඇමැතිවරුන්ගේ ගෙවල් ගිනි තැබීම් ඇතුළු සියල්ලටම හේතුවූයේ එම අනීතික මැර කල්ලි කණ්ඩායම් ප්‍රහාරය බව පෙනේ. අවසානයේ ඒ ප්‍රහාරය ගැන වගකිවයුතු අය බලයෙන් පහකර දැමීම දක්වා වර්ධනය විය..!

:       2       5

anura Wednesday, 27 July 2022 07:19 PM

එදා ගාලු මෝදර සාමකාමී ප්‍රචණ්ඩකාරීන්ගේ ප්ලාස්ටික් කුඩාරම් කඩා බිඳ දැමීම පෙනුණාට ගෙවල් 100ක් පමණ ගිණිතබා තවත් දේපළ රාශියක් විනාශ කර මිනීමැරීම් කිහිපයක් හා තුවාල කිරීම් රාශියක් මෙම කොමිසමට නොපෙනීම අනුව පෙනෙන දෙයක් තමයි. මෙම කොමිසම පක්ෂග්‍රාහී බව. එවැන්නවුන්ට සමාජයේ තිබෙන ගරුත්වය සම්පූර්ණයෙන් නැතිවනබව තේරුම් ගත යුතුයි...

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 350 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 303 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 472 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site