
(පාලිත ආරියවංශ)
මෙරට කෝපි, තේ, රබර් වගාවේ පුරෝගාමියක වූ, ස්කොට්ලන්ත ජාතික ජෝශප් ෆ්‍රේසර් මහතා නමින් කොළඹ–5 කැප්පිටිපොල මාවතේ ඉදිකර ඇති අනුස්මරණ රෝහලට වසර 100ක් පිරීම සැමරීම සඳහා නැසී ගිය ජෝශප් ෆ්‍රේසර් මහතාගේ සිවු වන පරම්පරාවේ පවුලේ සාමාජිකයෝ සියලු දෙනා සති දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටිති.
ඔහුගේ සිවු වන පරම්පරාවේ පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය පැවැසුවේ, තමන් අවසන් වරට මීට වසර 20කට පෙර ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ පරම්පරා 3ක ඉතිහාසය තම දරුවන්, මිනුපුරු, මිනිපිරියන් 17 දෙනාට පෙන්වා දීම සඳහා කෙදිනක හෝ ඔවුන් සියලු දෙනා රැගෙන ශ්‍රී ලංකාවට පැමිණීමට සිතාගත් බවත්, මේ ඒ සඳහා සුදුසුම කාලය බැවින්, පවුලේ සාමාජිකයන් සියලු දෙනා සති දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි බවත්ය.
තමාගේ මීමුත්තා වූ ජෝශප් ෆ්‍රේසර් මහතා ශ්‍රී ලංකාවේ කෝපි වගා කරමින් සිටි සිය වැඩිමහලු සොහොයුරන් දෙදෙනා සමග එකතු වීමට 1869 වසරේදී ශ්‍රී ලංකාවට පැමිණි බවත්, ඒ කාලයේදී ශ්‍රී ලංකාව සිලෝන් යන නමින් හැඳින්වූ බවත්, පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය කීවාය.
කෝපි වගාව කලක් යනතුරු සාර්ථක වුවත්, ඉන් පසුව එය අසාර්ථක වූ බව ද පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය පැවැසුවාය. කෝපි වගාව අසාර්ථක වීමෙන් පසු වැඩිමහලු සහෝදරයන් දෙදෙනා නැවතත් ස්කොට්ලන්තයට පැමිණියත්, තම මීමුත්තා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් එවකට තේ වගාවේ පුරෝගාමීන් වූ ස්කොට්ලන්ත ජාතිකයන් සමග එකතු වී තේ වගාවට යොමු වූ බව ද ඇය කීවාය.
ඔහු මාතලේ ආසන්යේ දඹුලාගල ප්‍රදේශයේ වගා කටයුතු සිදු කළ බවත්, තේ වගාවට යොමු වී සිටියදී රබර් වගාවට ද යොමු වූ බවත් ඇය පෙන්වා දුන්නාය.
‘ශ්‍රී ලංකාවේ අවුරුදු සියයක තේ වගාව’ වැනි තමන් කියවා ඇති පොත්වල සඳහන් වන ආකාරයට තම මීමුත්තා තේ වගාවට ගැළපෙන පොහොර හඳුන්වා දීමේදී පුරෝගාමියකු වී ඇති බව ද පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය පැවැසුවාය.
ජෝශප් මහතා ශ්‍රී ලංකාවේදී කළ සේවය වෙනුවෙන් රන් පදක්කම් දෙකක් දිනා තිබෙන බවත්, ඉන් එක් රන් පදක්කමක් සොරකු විසින් සොරාගෙන ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
අවසානයේදී තදබල ලෙස අසනීප වීම හේතුවෙන් වගා කටයුතුවලින් විරාමයක් ගෙන ජෝශප් ස්කොට්ලන්තයට නැවතත් පැමිණි බවත්, ඔහු එහිදී මියගිය බවත් පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය කීවාය.
එහිදී තම මීමුත්තා සිහි වීම සඳහා තම පවුලේ සාමාජිකයන් 1923 වසරේ කොළඹදී ජෝශප් ෆ්‍රේසර් අනුස්මරණ රෝහල විවෘත කළ බව ද ඇය පැවැසුවාය. එපමණක් නොව තම පියා ද ශ්‍රී ලංකාවේදී විවාහ වී ඇති බවත්, තම මුත්තා මාතලේ පිටකන්ද වත්ත භාරව කටයුතු කර ඇති බවත් ඇය පැවැසුවාය.

ස්කොට්ලන්ත ජාතික ජෝශප් ෆ්‍රේසර් මහතා

ජෝශප් ෆ්‍රේසර් මහතාගේ මීමිනිපිරියක වූ පැට්‍රීෂියා ෆ්‍රේසර් මහත්මිය
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මීමුත්තාගේ සුවඳ සොයා ආ මී මිනිපුරු මිනිපිරියෝ
ලංකාපුත්‍ර Tuesday, 22 August 2023 06:50 AM
ලංකාවෙ ආර්ථික භෝග වගාව ආරම්භ නොකලා නම් මොනවා වෙයිද ඒනිසා එයට පුරෝගාමි වුනු ෆෙශර් පවුලේ අයට උපහාරයක් කලොත් හොදයි කියලා හිතෙනවා වගකිවයුතු අයගේ අවධානයට යොමුවේවා
නිශාන්ත ජයසුන්දර Thursday, 24 August 2023 05:19 PM
ලංකාවේ දැනට ජීවත්වන ප්‍රෙශර් පරපුර ඔවුන්ගේ නෑදෑයින් විය යුතුයි....!