(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් පැතිරීම පාලනය කිරීමේ පියවරක් ලෙස රටපුරා තවත් දින පහක් සංචරණ සීමා පැනවීමට රජය තීරණය කර ඇත.
මේ අනුව ලබන 21වැනිදා සිකුරාදා රාත්‍රී 11.00සිට 25 වැනිදා අඟහරුවාදා අලුයම 4 දක්වාත් ඊට පසු 25වැනිදා රාත්‍රී 11.00 සිට 28 වැනිදා සිකුරාදා අලුයම 4 දක්වාත් රටපුරා සංචරණ සීමා පැනවෙන බව කොවිඩ් 19 පාලනය කිරිමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය .
රජය මෙම තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය බලධාරීන් හා විශේෂඥයින් පිරිසක් සමග ඊයේ (17)පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුවය.
මෙම සංචාරණ සීමා පැනවෙන්නේ වෙසක් සමයේදී ජනයා ඒකරාශී වීම වැළැක්වීම සඳහා යයි සෞඛ්‍ය බලධාරීහු පවසති.
කොවිඩ් පැතිරීම පාලනය කිරීම සඳහා පසුගිය 13 වැනිදා රාත්‍රියේ සිට ඊයේ(17)අළුයම දක්වා ද රටපුරා සංචරණ සීමා ක්‍රියාත්මක විය.
මේ අතර පළාත් අතර සංචරණ සීමාද රාත්‍රී 11 සිට අළුයම4.00දක්වා වූ සංචරණ සීමාද ලබන 31වැනි දා දක්වා අඛණ්ඩවම ක්‍රියාත්මක වන බව කොවිඩ් 19 පැතිරීම පාලනය කිරීම සඳහා වූ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි .
සංචරණ සීමා පැනවෙන කාලසීමාවන්හිදී එම නීති කඩන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරින් විසි දහසක් පමණ රටපුරා සීරුවෙන් තැබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
මේ අතර හැඳුනුම්පතේ අංක අනුව නිවෙස්වලින් බැහැර වීමේ ක්‍රමවේදයද ලබන 24 වැනිදා සිකුරාදා සිට ක්‍රියාත්මක නොවන බව පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න ඕනෑදේවල් නිසි වේලාවට කරන්නේ නැතුව දැන් ගිනි අරගෙන දඟලනවා.
ඔය හිතෙන හිතෙන වෙලාවට හිතෙන හිතෙන ආකාරයට පනවන සංචරණ නීති බල්ලට දමා කූඩැල්ලන් ගුලි ගුලි පිටින් ඉන්නා මාතලේ රිවර්ස්ටන් කඳු මුඳුනේ ඇති සුළං කපොල්ල නැරඹීමට ගිය සෙනසුරාදා සිය මිතුරු කැලක් සමග ගිය වයඹ පළාතේ බලවත් ඇමති වරයෙකුගේ දියණිය කූඩැල්ලන් කෑම හේතුවෙන් රෝගාතුරවී දඹුල්ල රෝහලේ පිහිටි හදිසි ප්‍රතිකාර ඒකකයට (ETU) ඇතුලත් කර ඇති බව වාර්තාවී තියෙනවා දැක්කේ නැද්ද ? "එක රටක් එක නීතියක්" කීවට වැඩේ කෙරෙන්නේ එක එක්කෙනාගේ උවමනා, එපාකම් අනුව බවයි අපට නම් පෙනෙන්නේ...
සංචරණ නීති උල්ලංඝනය කරපු හිටපු මන්ත්‍රී වරයෙක් වගේම මාධ්‍ය වේදියෙක් පොලිසියට අහුවුණු සිද්ධියක් ප්‍රවෘත්තිවල අපි දැක්කා. පොලිස් නිලධාරියා එයාගෙන් හැඳුනුම්පත් ඉල්ලුවාම එයා කියනවා " මම අහවලා" කියලා. ඒ කියන්නේ "මන්ත්‍රී කෙනෙක් නැත්නම් මාධ්‍ය වේදියෙක් වෙලා හිටියා කියලා ඒ පුද්ගලයාට නීතිය නවන්න කියලද එයා කියන්නේ...? මේ වගේ මිනිස්සු කරේ තියාගෙන යන අයටයි තලන්න ඕනැ.
ඇත්තටම මොනවද මේ බලධාරීන් කරන පිස්සු වැඩ...? මේක සෙල්ලමක් වගේ එක එක්කෙනාට ඕන විදිහට වැඩකරන්න පුලුවන් අවස්තාවක්ද..? අවසානයට මේ වගකීමක් නැති වැඩවලින් රටට වෙන විපත මේ අයට පේන්නේ නැද්ද...?
නැතිනම් වෙසක් පෝකුර බලන්න පුලුවන්...
මේවා කලින් කරන්න තිබුණු වැඩ කියලා ඕන මෝඩයෙකුට තේරෙනවා.