
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පතට කතානායක ජගත් වික්‍රමරත්න මහතා සිය සහතිකය සටහන් කළේය.
ඒ අනුව පනත 2026 අංක 5 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත ලෙස බලාත්මක වනු ඇත.
පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත අද (17) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 152 කින් සම්මත විය.
අද පෙ.ව 11.30 සිට ප.ව 5.00 දක්වා පැවැත්වූ මෙම පනත් කෙටුම්පතට අදාළ දෙවැනිවර කියවීමේ විවාදයෙන් අනතුරුව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154 ක් ද විපක්ෂව ඡන්ද 2 ක් ද හිමිවිය.
අනතුරුව පැවති කාරක සභා අවස්ථාවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රවීකරුණානායක සහ චාමර සම්පත් දසනායක යන මහත්වරු විසින් පනත් කෙටුම්පතේ 3වන වගන්තිය සඳහා සංශෝධන ඉදිරිපත් කළහ. ඒවා නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා දැනුම් දුන් අතර එහිදී චාමර සම්පත් දසනායක මහතා සිය සශෝධනයට අදාළව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියේය. ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී පනත් කෙටුම්පතේ 3 වන වගන්තිය සංශෝධනයකින් තොරව සම්මත කිරීම සඳහා ඡන්ද 152 ක්ද ද යෝජිත සංශෝධනය කිරීම සඳහා පක්ෂව 4ක් ද හිමිවිය.
එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පනත් කෙටුම්පතේ 4 වැනි වගන්තිය සඳහා ද සංශෝධනයක් ඉදිරිපත් කරන ලද අතර එය නොපිළිගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා දැනුම් දුන්නේය. ඉන්පසු පනත් කෙටුම්පත තෙවැනිවර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව සම්මත කෙරිණි.
මෙම පනත් කෙටුම්පත අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා විසින් 2026 ජනවාරි මස 07 වන දින පළමුවනවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරන පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් පනත ඉවත් කිරීම මෙම පනත මගින් සිදුවේ. ඒ අනුව පනතේ 3 වගන්තිය ප්‍රකාරව, මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙරාතුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇති සහ විශ්‍රාම වැටුප් ලබන යම් තැනැත්තකුට මෙම පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දින සහ එම දිනයට පසුව එම විශ්‍රාම වැටුප් ලැබීම නතරවීම සිදුවේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේවල් නම් ඉතාමත් සද්භාවයෙන් අහිංසක දුප්පත් මිනිස්සු ගැන අනුකම්පාවෙන් කරන දේවල් නොවේ කියන ඒකනම් සහතික කර කිව යුතුය.ගිය මාසේ තැපැල් හලෙන් ගන්න අර අහිංසක වැඩිහිටියන්ගේ දීමනා මුදලවත් තවම ගෙවා නොමැත.
කිසිම වැදගැම්මකට නොමැති, ආර්ථිකයට දැනෙන්නේ වත් නැති මේ වගේ ක්ෂුද්‍ර වැඩ මැක්රෝ වැඩ විදිහට පෙන්වීම තමයි හිච්චි මොළ සහිත මේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය. සේදුම් බලකායට හැර ඩිංගක්වත් හිතන්න පුලුවන් අයට නම් මේවා විහිලු.
මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම එතරම් නුවනට හුරු දෙයක් නොවන බවයි මගේ මතය. මේ හේතුව නිසා අනාගතයේදී යම් ධනයක් ඇති පුද්ගලයින් පමණක් දේශපාලනයට පිවිසීමට ඇති ඉඩකඩ වැඩි විය හැක.
බුදුහාමුදුරුවෝ ජීවමානව වැඩසිටි කාලයේ කොසොල් රජතුමාගෙ ඇත් පංතියේ හිටපු ඇතින්නියක් වයස්ගත වුනාම නිදැල්ලේ යැවීමට පසේනදි කොසොල් මහරජු කටයුතුකලා දවසක් නිරාහාරව මග වැටී සිටින සත්වයා දුටු බුදුහාමුදුරුවෝ කොසොල් රජු හමුවෙන්න වැඩිලා ඇසුවා ඇතා හෝ ඇතින්න කෝ කියල අන්තිමේ බුදුහාමුදුරුවෝ කෙළෙහිගුණ සැලකීමේ වටිනාකම පහදා දුන්නා බෞද්ධයින් වන අපි බුදුවදන අනුව කටයුතු කරමු
රටේ බඩු මිල අහස උසට ගිහිල්ලා, රෝහල් වල අත්‍යවශ්‍ය බෙහෙත් පවා නැහැ, අධ්‍යාපනය නනත්තාර කරලා, විභාග විභාග පැවෙත්වෙන දින හා පාසල් වාරා අවසාන කරන දින පවා විකාරයක් කරලා, දවස ගානේ රට පුරා තැන් තුන හතරක වෙඩි තියලා මිනිස්සු ඝාතනය කරනවා. ඒවා ගැන මේ ආණ්ඩුවේ උන්ට වගේ වගක් නැහැ, තැන තැන ගිහිල්ල කයිවාරු ගහන එකයි මේ වග ගොන් පාර්ට් දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
අනිවාර්යෙන්ම සිදුවිය යුතු දෙයක්,
දුප්පත් හෝ පොහොසත් ප්රතිපත්තී ගරුක අවංකව ජනතාවට වැඩ කරන්න කැමති, වැඩගත් විදියට හැසිරෙන, මහජන මුදල් හොර නොකරා හොඳ ශීලාචාර පවලු වලින් පවත එන වැදගත් මිනිසුන් ලංකාවේ ඕනෑතරම් සිටිනවා. ඇගෝල්ලෝ පාර්ලිමේන්තුවට ආවොත් ඒ හොඳටම ඇති.