(රෝෂන් තුෂාර)
පුද්ගලික ආයතනයක අධ්‍යක්ෂක ධුරයක් දැරූ අවධියේ බදු ගෙවීම් පැහැර ඇතැයි කියන කම්කරු හා විදේශ රැකියා ඇමති මනූෂ නානායක්කාර මහතාට සහ එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුට අප්‍රියල් මස 02 දින අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා නොතීසි නිකුත් කර ඇත.
දේශීය ආදායම් කොමසාරිස්වරයා 2022 වසරේදී ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් පසුව අධිකරණයේ පෙනී නොසිටි මනුෂ නානායක්කාර මහතා ඇතුළු අධ්‍යක්ෂකවරුන් සිව් දෙනාට මෙසේ නැවත නොතීසි නිකුත් කළේය.
හයිඩ් අන්කොමන් සමාගමේ අධ්‍යක්ෂවරුන්ව සිට රුපියල් 8321819.00 බදු ගෙවීම පැහැර හැර ඇතැයි සඳහන් කරමින් වැට් බදු අයකරගැනීමේ පනත ප්‍රකාරව මෙම නඩුව පවරා තිබිණි.
2010 පෙබරවාරි,2011 ජූලි මස සහ සැප්තැම්බර් මසඅතර කාලයට සහ 2012අප්‍රේයල් හා ජුනි මස අතර කාලයට බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 2002අංක 14 දරණ එකතු කල අගය මතු බදු පනත යටතේ මෙම නඩු පවරා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු තියෙන ඔක්කොම සතියකට හිරේ දැම්මොත් පාර්ලිමේන්තුව වහන්න වෙයි.
මේ අය නැවත පාර්ලිමේන්තුවට පත්කිරීම පිළිබඳව ජනතාව නැවත සිතා බැලිය යුතුවේ..!
කතාව කොහොමද? ලැජ්ජා නැද්ද? නීති විරෝධී වැඩ කරන්නේ... මේ ගෙවන්න තියෙන ගාණට පොලිත් එක්කම අයකරගන්නද? මොවුන් සුදු පිරුවට ඇඳගෙන හොරාකෑම තමයි කරන්නේ...!
කරපු කුණු වැඩවලින් බේරෙන්න තමයි එකඑක පැත්තට පැන පැන එක එකාගේ කුණු හෝද හෝද ඉන්නේ...!