(රංජන් කස්තුරි)

මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත්‍රය ලබා දී නැතැයි එම සිසුහු පවසති.

මේ හේතුවෙන් එම  සිසුන්  දැඩි අපහසුතාවයට පත්ව ඇත. මෙම අසාධාරණයට මුහුණ දී ඇත්තේ දෙමළ මාධ්‍යයෙන් පෙනී සිටි සිසුන් පිරිසකි.  

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය  මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බව එහි ප්‍රධාන ලේකම් ජෝසප් ස්ථානි මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.