IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සොයා ගනී

(ඉන්දිකා  රාමනයාක)

සරුංගල් සිද්ධික් මුල්කරගෙන 2022 වසරේ දී මිනුවන්ගෙඩ ගමන් ගෙදර   ප්‍රදේශයේ    එකම පවුලේ පියා හා පුතුන් දෙදෙනා   වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට යොදාගත් ටී 56 ගිනි අවිය හා තවත් පිස්තෝල දෙකක් ඇතුලු ආයුධ සමග     සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු මීගමුව ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව  විශේෂ කාර්ය බලකාය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඩුබායි රාජයේ සැඟව සිටින   “හීනටියන මහේෂ් ’‘  නැමැත්තාගේ ගොලයකු බවත්, මෙම සැකකරු ඔහුගේ  අපරාධ සදහා ආයුධ ප්‍රවාහනය කරන පුද්ගලයකුගේ බවද  විශේෂ කාර්ය බලකාය පවසයි.

සැකකරු බාරයේ තිබු ටී 56 ගිනි අවියක්,  පිස්තෝල දෙකක්, ටී 56 උණ්ඩ 87 ක්,  ටී 56 මැගසින්  දෙකක්, බෝර 12 උණ්ඩ 17,  ව්‍යාජ වාහන අංක තහඩු දෙකක්, හා   යතුරු පැදියක් , හෙරොයින්  ග්‍රෑම් 8 ක්  විශේෂ කාර්ය බලකාය බාරයට ගෙන ඇත.

මෙම සැකකරු පන්නල පදිංචි  (25) හැවිරිදි පුද්ගලයකු බවත්, මොහු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදි බිරිද හා  දරුවා සමග මීගමුව කුඩාපාඩුව ප්‍රදේශයේ කුලී නිවසක සැඟව සිටියදී ඊයෙ 6) රාත්‍රියේ විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ භට කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
 

 



අදහස් (1)

මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනයේ ටී 56 අවිය සොයා ගනී

Hira Tuesday, 07 November 2023 03:54 PM

මෙයාව ආයුධ පෙන්වන්න ගෙනියන්නකෝ ඉක්මණටම...

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site