(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කිරීම සහ මානව හිමිකම් කෙවිට පෙන්වා ව්‍යවස්ථා සංශෝධන සඳහා බලකිරීම සම්බන්ධයෙන් රටක් ලෙස සියලු පාර්ශ්ව හෙළා දැකිය යුතු යැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 51 වැනි සැසිවාරයට ඉදිරිපත් කළ මහ කොමසාරිස් වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂක හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා විභාග කිරීම සඳහා ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කළ යුතු බවට නිර්දේශ කර ඇති බවත් එය ශ්‍රී ලංකාවේ රජය ප්‍රතික්ෂේප කළ 46/1 යෝජනාවලිය මගින් පිහිටුවූ යුද අපරාධ චෝදනා සහ සාක්ෂි ගොනු කිරීමේ ජාත්‍යන්තර යාන්ත්‍රණය යොදාගන්නා බවත් වීරවංශ මහතා සඳහන් කළේය.
ජාත්‍යන්තර අධිකරණ බලය ක්‍රියාත්මක කරමින් ශ්‍රී ලංකාවේ හමුදා ප්‍රධානීන්ට එරෙහිව නඩු පවරන රටවල අභිචෝදකට එම චෝදනා සහ සාක්ෂි නිල වශයෙන් ලබාදෙන බව සහ ඒවා ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ද යොමුකරන බවත් මහ කොමසාරිස් වාර්තාවේ සඳහන්ව ඇති බවත් මහතා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"ලංකාවේ මානව හිමිකම් අඩාල වීමට හේතු වූ ආර්ථික අර්බුදයට, මුල් වූ ආර්ථික අපරාධ සිදු කළ රජයේ උසස් නිලධාරීන්ට සහ දේශපාලන නායකයින්ට එරෙහිව කටයුතු කළ යුතුයි..." එතකොට මේක කමක් නැහැ නේද?
මානව හිහිමකම් කැඩුව නම් කවුරු උනත් දඩුවම් විදිය යුතුයි, අහිංසක පාසල් ළමුන් දසදෙනා මරපුවට චෝදනා ලබන කරන්නාගොඩ රජයෙ අනුග්‍රහයෙන් ගැලවෙන්න හදනකොට මානවහිමිකම් රැකෙන්නෙ කොහොමද? රටේම ජනතාවගෙ ආර්ථික මානව හිමිකම් නැතිවන තත්ත්වයට රට පත්කල සාටක පවපවුලටත් දඩුවම් ලබාදි වත්කම් තහනම් කල යුතුයි.
ආයෙත් පටන් ගත්තද? මේ අයම තමයි මිනිස්සුන්ව හරක් බවට පත්කරලා මැදමුලනේ හොරුන්ව රකින්නේ... උත්තර නැති ලංකා භාගෙ... කට ඇරියොත් පච මල්ලක්...!
කාටද කියන්නෙ ?
පීඩාවෙන් පෙලෙන අයට ලංකාවෙන් යුක්තිය ඉටු නොවන්නේ නම් කණගාටුවෙන් වුවද ජාත්‍යන්තරයේ පිහිටවත් පැතීමට සිදුව ඇත. සුපුරුදු ලෙස දේශ හිතෛෂී බවක් පෙන්නලා වැඩක් නැහැ...
කොහොමටත් දූෂිත දේශපාලුවන් ඔය වැඩේට අකැමැති බව අපි දැනගෙන හිටියා...
සාටකේ එල්ලිලා ගොඩගිය විමලේ ගැන අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ. දන්නෝ හොන්දා කාරවම දනිති .
ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙණු කරන්න. හිඟාකන්න ඕනෑ නම් ඒ විදිහට ජාත්‍යන්තරේ පිළිගත් සාරධර්ම වලට අනුකූලව ක්‍රියාකරන්න ඕනෑ. එහෙම නැතිනම් එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අයින්වෙලා ඉන්න ඕනෑ.
වැරද්දක් කරලා නැත්නම් මොකටද මිනිහෝ බයවෙන්නේ.. නීතිගරුක අන්දමින් කටයුතු කරන නිලදාරීන් 99% ක් ඉන්නවා ඒ අතරේ සත්තු ඉන්නවා.. තෙල් පොලිමේදී දැක්කා නේද පය උස්සලා මුත්‍රා කරන සතා... නිකම් කැපිලා පේන්න ටෝක් නොදමා පුරුදු පුහුණු අන්දමින් රාජපක්ෂ ගෙරියන්ට පක්කලි වැඩටික කරලා හිටපන්..... තව ටිකදවසනේ
මානව හිමිකම් කවුන්සිලයේ බලපෑම් අනිවාර්යන්ම අපේ රටට අවශ්‍ය වන්නේ හොර තක්කඩි දේශපාලකයින්ගෙන් රටත්, ජනතාවත් බේරාගන්නයි.