(ලක්ෂ්මී ජයකොඩි)
ලබන 12 වැනි දා ආරම්භවීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්ලසයේ 51 වන සැසිවාරයේදි මෙරට මානව හිමිකම් කඩවීම් හා උල්ලංඝනයවීම් හා වගවීම් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මුලිකත්වයෙන් නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම යෝජනාවට ඇමෙරිකාව , කැනඩාව ,ජර්මනිය, මැසිඩෝනියා, මලාවි ඇතුළු රටවල්ද අනුග්‍රහය දක්වන අතර එම යෝජනාව සකස් කිරීමේ කටයුවලට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී. එම් . ඒ සුමන්තිරන් මහතාද සහභාගි වී ඇත.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වන සැසිවාරයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු 46/1 යෝජනාවේ කාලය අවසන්වීම හේතුවෙන් නව යෝජනාවක් මෙලෙස සම්මත කිරීමට තීරණය කර ඇත.
මෙම යෝජනාවට 2012 වසරේ සිටම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වු යෝජනාවල ඇතුළත් ක්‍රියාත්මක නොවුණු කරුණු හා නිර්දේශ මෙන්ම 46/1 යෝජනාවේ සඳහන්ව ක්‍රියාත්මක නොවුණු කරුණුද ඇතුළත් කිරීමට නියමිත බව සුමන්තිරන් මහතා පවසයි.
මෙරට සිදුවු මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සොයා බැලීමට සාමාජිකයන් අට දෙනකුගෙන් යුත් ආයතනයක් පත් පිහිටුවීම පිළිබඳද නව යෝජනාවට ඇතුළත් වනු ඇති බව ඒ මහතා සඳහන් කරයි.
අරගලකරුවන් සම්බන්ධයෙන් සිදුවන මානව හිමිකම් කඩකිරීම්, අත්අඩංගුවට ගැනීම්, හදිසි නීතීය ක්‍රියාත්මක කිරීම , අහෝසි කරනු ලබන තෙක් ක්‍රියාත්මක නොකරන බවට පොරොන්දුව ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නැවත ක්‍රියාත්මක කිරීම හා එමගින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම හා පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ වින්චිතයින්ට යුක්තිය ඉටු නොවීම යන කරුණුද මෙවර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වන යෝජනාවට ඇතුළත් වනු ඇති බවද හෙතෙම කියයි.
තවද ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවට විසඳුමක් ලබා ගැනීම , යුද්ධය හේතුවෙන් අතුරුදන්වුවන් වෙනුවෙන් යුක්තිය ඉටුකර ගැනීම හා වගවීම යන කරුණුද මෙම යෝජනාවට ඇතුළත් කෙරෙනු ඇති බව සුමන්තිරන් මහතා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අරගලයට එල්ටීටීඊ දෙමළ ඩයස්පෝරාවේ වැඩනිසා එය වෙනත් පැත්තකට ගමන් කළා. ඩයස්පෝරාවේ අරමුණු ඉටුකර ගැනීම සඳහා අරගල කරුවන්ව ඔවුන් ඉත්තන් ලෙස යොදාගත්තා. ඒ සඳහා ඩයස් පෝරාව විශාල ලෙස මුදල් වියදම් කළා. ඔවුන්ට මේ රටේ ජනතාවට තියෙන පීඩනය ගැන කතා කරනවාට වඩා අවශ්‍ය වුණේ, යුද්ධය දිනූ සිංහල නායකයින්ගෙන් පළිගැනීම හා ඔවුන් බලයෙන් පහකර දැමීමයි. ඩයස්පෝරාව බළලුන් ලවා කොස් ඇට බාවාගත්තා. අපේ රටේ අරගල කරුවන් ඒ උගුලේ හසුවී අද දඬුවම් ලබනවා. ඩයස්පෝරාවේ මේ යටිකූට්ටු වැඩ කටයුතුවලට එරෙහිව, හොඳින් තිබූ අරගලයේ අරමුණු විනාශ කොට ඔවුන් අමාරුවේ දමා තම යටිඅරමුණු ඉටුකර ගැනීම ගැන මේ රටේ වගකිවයුතු අංශ ඩයස්පෝරාවට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගත යුතුයි. අරගලයට ඩයස්පෝරාව සම්බන්ධ නොවන්නට, මේ රට විනාශ කළ අයට මේ වනවිටත් සාමකාමී ලෙස උද්ඝෝෂණය කිරීම නිසා ජාත්‍යන්තරයෙත් පිළිතුරු ලැබීමට ඉඩකඩ තිබුණි. ඒ සියල්ල වනසා දැමුවේ එල්ටීටීඊ ඩයස් පෝරාවයි. මන්දයත්, ඔවුන්ට අවශ්‍ය වූයේ අරගලකරුවන් ලවා යුද්ධය දිනූ සිංහල නායකයින් බලයෙන් පහකිරීම පමණි. ඒ සඳහා ඔවුන් අත දිගහැර මුදල් වියදම් කළේය. ඒ ඔවුන්ගේ යටි අරමුණු ඉටුකර ගැනීමට මිස මේ රටේ ජනතාවගේ යහපත වෙනුවෙන් නොවේ.
1980- 2009 උතුරු නැගෙනහිර ත්‍රස්ත ප්‍රහාර මගින් LTTE විසින් පලවා හරිනලද සිංහල ගම්වාසීන්ගේ ඉඩම් නැවත ලබා දීමට ගන්නා පියවර කුමක්ද?