(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන මාතෘකාව යටතේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වන 51/1 යෝජනා කෙටුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා ලබන 6වැනිදා යොදා ගැනෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි ,ශ්‍රී ලංකාවේ මිත්‍ර රාජ්‍යයන්ගේ උදව් ඇතිව 51/1 යෝජනා කෙටුම්පත සඳහා එදින ඡන්ද විමසීමක් පැවැත්වෙනු ඇති බව විදේශ කටයුතු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
එක්සත් රාජධානිය, කැනඩාව, ජර්මනිය, මලාවි, මොන්ටිනෙග්‍රෝ, උතුරු මැසිඩෝනියාව සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ අනුග්‍රහය යටතේ 51/1 යෝජනා කෙටුම්පත සකස් කර ඇති අතර එයට මේ වන විට රටවල් සැලකිය යුතු ප්‍රමාණයක් සම අනුග්‍රාහකත්වය ලබා දී ඇතැයි පැවසෙයි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයින් 47 දෙනෙක් සිටින අතර යෝජනා කෙටුම්පත ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සාමාජිකයින් දිනා ගැනීමේ උත්සාහයක නිරත වී සිටියත් එය අසාර්ථක උත්සාහයක් වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.
විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මානව හිමිකම් කවුන්සිලයේ 51 වෙනි සැසිවාරයේ සමාප්ති කොටස සඳහා ජිනීවා නුවරට යාමට නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරීන් ද ඊට සහභාගී වන බවත් විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළේය.මානව හිමිකම් කවුන්සිලයේ 51වෙනි සැසිවාරය ලබන 7 වැනිදා අවසන් වීමට නියමිතය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මානව හිමිකම් කවුන්සිල යෝජනා ක්‍රියාත්මක කිරීම 6වැනිදා