IMG-LOGO

මානව කොමිසම ‌එපා කිවුවත් මණ්ඩලය ලයිට් කපයි

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් එම මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (26) පස්වරුවේ පැවසීය.

උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410 ක් අවශ්‍ය බව කී සභාපතිවරයා  විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බව ද සඳහන් කළේය.

විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකළ අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්දි වූයේ නම් එය වෙනත් දෝෂයක් බව කී ඉලංගකෝන් මහතා පැවසුවේ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්ය.

ඉන්ධන නොමැතිව විදුලිය සැපයිය නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ඒ මහතා කීය.

මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වූ බව කී සභාපතිවරයා සඳහන් කළේ එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවත්ය. 



අදහස් (7)

මානව කොමිසම ‌එපා කිවුවත් මණ්ඩලය ලයිට් කපයි

මහසෙන් Thursday, 26 January 2023 03:23 PM

මෙන්න ජීවමාන උදාහරණය .ලංකාවේ කාලකන්නි දේශපාලන ත්‍රස්තවා දයට සහ නිලදාරී ත්‍රස්ත වාදයට.දරුවන්ගේ අනාගත ඉරණම තීන්දුවෙන වැදගත් මොහොතක්වත් බෑ මුන්ට එකට එකතු වෙලා තීන්දු ගන්න.උපයෝගී තා කොමිසමේ එකාගේ පොර ටෝක් නම් ඉහටත් උඩින්.මන්ඩලේ එවුනට දවල් නොකපා රෑ කපන එක නවත්වන්න.බැරිලූ.මුන් ඔක්කොම එකතුවෙලා රවටන්නේ අසරණ ම්නිසුන්ව.

:       4       31

Rohana Thursday, 26 January 2023 06:08 PM

ඇයි යකුනේ විකල්ප බලශක්ති දියුණුකරන්න බැරි ?

:       0       5

ලසන්ත Thursday, 26 January 2023 06:22 PM

මණ්ඩලයේ නොවෙන බලධාරියෙක් දවසක් කියලා තිබුණා විදුලිය කපන්න වෙන්නේ විදුලිය රැහැන් ඇදීම ඔවුන්ට අවශ්‍ය තැනක කරනවිට විරෝධතා දැක්වීම නිසා කියලා ඒක බොරුවක්ද සභාපතිතුමා? එහෙම නැත්නම් ඔහුට ලැබෙන සංතෝසම නැතුව යයි කියලා බයටද කියන්න...

:       0       1

රමණි Thursday, 26 January 2023 06:23 PM

විදුලිබල මාෆියාව රට ගෙනියන හැටි තමයි. අන්තිමට බැලුවාම මොවුන් රටේ මහ එවුන්ටත් වඩා ඉහළ හැටියටයි ඉන්නේ...!

:       2       6

Sisira Thursday, 26 January 2023 07:21 PM

අපි අඳුරේ අපි එළියට එනවා ඡන්දේදී...

:       1       7

raheem Thursday, 26 January 2023 08:20 PM

බිත්තර රටින් ගේන්න තීරණයට කළා වගේ ඉන්දියාවෙන් විදුලිය ගෙනාවානම් හරි...

:       0       0

LGPJ Friday, 27 January 2023 06:33 AM

තේරුමක් නැති කොමිසම්... පාවෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site