(යොහාන් භාසුර)
විදුලිබල මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවා නොමැති බවත් එම මණ්ඩලය විදුලි කප්පාදුව අත්හිටුවීමට එකඟ වී නොමැති බවත් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතා අද (26) පස්වරුවේ පැවසීය.
උසස් පෙළ විභාගය අවසන් වන තෙක් විදුලි කප්පාදුව අත්හිටුවීමට නම් ඉන්ධන මිලදී ගැනීමට රුපියල් කෝටි 410 ක් අවශ්‍ය බව කී සභාපතිවරයා විදුලි කප්පාදුව අත්හිටුවන්නේ යැයි ප්‍රකාශ නොකළ බව ද සඳහන් කළේය.
විභාගය පැවැත්වෙන දහවල් කාලයේ විදුලි කප්පාදු නොකළ අතර කිසියම් ප්‍රදේශයකට විදුලි විසන්දි වූයේ නම් එය වෙනත් දෝෂයක් බව කී ඉලංගකෝන් මහතා පැවසුවේ රාත්‍රී කාලයේ විදුලි කප්පාදුව අඛණ්ඩව ක්‍රියාත්මක වන බවත්ය.
ඉන්ධන නොමැතිව විදුලිය සැපයිය නොහැකි නිසා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන සැපයීමට එකඟ වූයේ නම් ඉන්ධන සැපයිය යුතු බවත් මහජන උපයෝගිතා කොමිසම ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලය දැනුවත් කළ යුතු බවත් ඒ මහතා කීය.
මානව හිමිකම් කොමිසමේ පැවැති සාකච්ඡාවට විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් ද සහභාගි වූ බව කී සභාපතිවරයා සඳහන් කළේ එහිදී විදුලිය නොකපන බවට නිලධාරීන් එකඟ වී නොමැති බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න ජීවමාන උදාහරණය .ලංකාවේ කාලකන්නි දේශපාලන ත්‍රස්තවා දයට සහ නිලදාරී ත්‍රස්ත වාදයට.දරුවන්ගේ අනාගත ඉරණම තීන්දුවෙන වැදගත් මොහොතක්වත් බෑ මුන්ට එකට එකතු වෙලා තීන්දු ගන්න.උපයෝගී තා කොමිසමේ එකාගේ පොර ටෝක් නම් ඉහටත් උඩින්.මන්ඩලේ එවුනට දවල් නොකපා රෑ කපන එක නවත්වන්න.බැරිලූ.මුන් ඔක්කොම එකතුවෙලා රවටන්නේ අසරණ ම්නිසුන්ව.
ඇයි යකුනේ විකල්ප බලශක්ති දියුණුකරන්න බැරි ?
මණ්ඩලයේ නොවෙන බලධාරියෙක් දවසක් කියලා තිබුණා විදුලිය කපන්න වෙන්නේ විදුලිය රැහැන් ඇදීම ඔවුන්ට අවශ්‍ය තැනක කරනවිට විරෝධතා දැක්වීම නිසා කියලා ඒක බොරුවක්ද සභාපතිතුමා? එහෙම නැත්නම් ඔහුට ලැබෙන සංතෝසම නැතුව යයි කියලා බයටද කියන්න...
විදුලිබල මාෆියාව රට ගෙනියන හැටි තමයි. අන්තිමට බැලුවාම මොවුන් රටේ මහ එවුන්ටත් වඩා ඉහළ හැටියටයි ඉන්නේ...!
අපි අඳුරේ අපි එළියට එනවා ඡන්දේදී...
බිත්තර රටින් ගේන්න තීරණයට කළා වගේ ඉන්දියාවෙන් විදුලිය ගෙනාවානම් හරි...
තේරුමක් නැති කොමිසම්... පාවෙනවා.