IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


මානව අයිතිය නොදකින ලෝක පොලිස්කාරයා

අමෙරිකාව හැමදාම පණපෙව්වේ ලෝක පොලිස්කාරයාගේ චරිතයටය. ලෝකෙටම ‘‘අයියා’’ වී සිටි එහෙව් අමෙරිකාව අද විදෙස් විත්ති විශ්ලේෂකයන් විසින් හඳුන්වන්නේ නීතියක් නැති රටක් වශයෙනි. වර්ගවාදී ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වීමෙන් ගිනිගත් අමෙරිකාව දැන් නීතියක් නැති අරාජික රාජ්‍යයක් බවට පත්වෙමින් සිටින බව වත්මන් අමෙරිකාව පිළිබඳව දිනපතාම විස්තර වාර්තා කරන සියලු‍ මාධ්‍ය ආයතනවල විශ්ලේෂකයෝද ජාත්‍යන්තර කීර්තියට පත් දේශපාලන විචාරකයෝද කියා සිටිති. ඒ අනුව ‘අමෙරිකාවට වෙච්ච දෙයක්’ කියා අපේ සිතට දැනීමද අරුමයක් නොවේ.

ලෝකෙටම නීතිය පිළිබඳව උපදෙස් දෙන්නේද අමෙරිකාවයි. විශේෂයෙන්ම තම රට වැනි බලවත් රටවල් අනුගමනය නොකරන ඇතැම් නීති ලොවේ සෙසු බලවත් නොවන රටවල් විසින් අනුගමනය කළ යුතු බවට ඇඟිල්ල දිගු කිරීමට අමෙරිකාව පැකිලෙන්නේ නැත. අමෙරිකාවේ වත්මන් තත්ත්වය පිළිබඳව එරට හිටපු ජනාධිපතිවරයකු වන ජෝර්ජ් බුෂ් පසුගියදා ප්‍රකාශ කළේ තමන්ගේ රටේ ගෙල ටිකෙන් ටික සිරවෙමින් පවතින බවය. තම රට පිළිබඳව දැඩි බියක් දැනෙන බවය. එසේම ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙර හිටපු ජනාධිපති බැරක් ඔබාමාද ඊට සමානව ඉතාම සංවේදී ලෙස අදහස් ප්‍රකාශ කර තිබිණි. එසේ තිබියදීත් වත්මන් ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තවමත් අනුගමනය කරන බව පෙනෙන්නේ ලෝක පොලිස්කාරයාගේ දඩබ්බර නොහික්මුණු චරිතයම බව පෙනී යයි.

අමෙරිකානු මෑතකාලීන ඉතිහාසයේ දරුණුම ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන සමස්ත සිද්ධියට මුලපිරූ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනය වෙනුවෙන් කිසිදු කනගාටුව ප්‍රකාශ කිරීමක් නොකළ ජනාධිපති ට්‍රම්ප් ඒ වෙනුවෙන් වීදි බැස සටන් කරන විරෝධතාකරුවන් දැඩි ලෙස මර්දනය කළයුතු බවට කටමැත දොඩමින් සිටී. ඔහු මේ විරෝධතාකරුවන් මැරයන් ලෙස හඳුන්වමින් නිකුත් කළ ට්විටර් පණිවුඩ ඇවිළෙන ගින්නට පිදුරු දැමීමක් වී තිබේ. ඔහුගේ එවැනි ප්‍රකාශ පොලිසියට පවා හිසරදයක් වී තිබෙන අතර එක් ප්‍රාන්ත පොලිස් ප්‍රධානියකු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ‘කට වසාගනු’ යැයි පැවසීමට තරම් තත්ත්වය උග්‍ර විය. මේ කවදාවත් අමෙරිකාවෙන් බලාපොරොත්තු විය හැකි හැසිරීමක් නොවේ.

මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් ප්‍රදේශයේ ඇරැඹි සාමකාමී විරෝධතාව ප්‍රචණ්ඩකාරී බවට පෙරැළීමට වැඩිම බලපෑමක් එල්ල වූයේ එරට ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය බවද පෙනී යයි. ඔහුගේ ඇතැම් ප්‍රකාශ ප්‍රචණ්ඩකාරී ගිනිදැල් නිවීමට නොව ඒවා පැතිරයාමට හේතුවූ බවටද චෝදනා එල්ල වෙයි. මෙවැනි ක්‍රියා අමෙරිකාවට ඇතිකර ඇත්තේ මැකිය නොහැකි කළු පැල්ලමකි.

මුලින් ලොවපුරා මාධ්‍යවලින් දැකගත හැකිවුණේ කළු ජාතික අමෙරිකානුවන් විසින් කඩසාප්පු කොල්ලකන, සුපිරි වාහන ගිනි තබන, හොලිවුඩ් චිත්‍රපටවල වැනි සිදුවීම් මාලාවකි. එසේ වුවත් එය චිත්‍රපටයක් නොවී ඒ යටින් දිවෙන දැවැන්ත විරෝධය දිගින් දිගටම දලු‍ ලමින් අමෙරිකාවේ අභිමානයද දවා හළු කරමින් තිබේ. තත්ත්වය කොතරම් බරපතළ බවට හැරී ඇතිදැයි කිවහොත් ඇතැම් ප්‍රාන්තවල තත්ත්වය පාලනය කිරීමට ජාතික ආරක්ෂක බළකායන්ද කැඳවා තිබේ. ධවල මන්දිරය අවට ආරක්ෂාව සඳහා යුද හමුදාවද කැඳවා ඇත.

ප්‍රාන්ත බලධාරීන් මේ තත්ත්වය පාලනය කර ගැනීමට අපොහොසත් වුවහොත් වහාම හමුදාව යොදවා විරෝධතා මර්දනය කරන බවට ජනාධිපති ට්‍රම්ප් කළ දැඩි ප්‍රකාශයද එරට ජනතාව ගණන්ගත් බවක් පෙනෙන්නට නැත. එය අමෙරිකාවේ පවතින තත්ත්වයේ භයංකාර පැතිකඩක් පෙන්වයි. රටේ නායකයාට අවනත නොවන තත්ත්වයකට විරෝධතා උත්සන්න වීම බරපතළ ප්‍රතිවිපාක ඇති කිරීමට නිසැකවම හේතුවනු ඇත. හිටපු ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ ප්‍රකාශයට මේ තත්ත්වය හොඳින්ම සමපාත වෙයි.

සුදු ජාතික පොලිස් භටයකුගේ දණහිස යට ජීවිතය ඉල්ලමින් මියගිය කළුජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ පවුලේ අය ඔහු වෙනුවෙන් සාධාරණය ඉටු කරදෙන්නැයි හඬා වැළපෙමින් ඉල්ලා ඇතැයි මාධ්‍ය ප්‍රකාශ කර තිබිණි. ලෝකයටම මානව හිතවාදය, මූලික මිනිස් අයිතිවාසිකම් ගැන මහප්‍රාණ කතා දෙසාබාන අමෙරිකාවේ වැසියන් මේ තරම් අසරණ වී සිටින බව අසන්නට ලැබීමත් පුදුමයකි. ඩොලර් 20ක හොර නෝට්ටුවක් ළඟ තබාගෙන සිටීමේ චෝදනාවකට සැකපිට අත්අඩංගුවට ගත් නිරායුධ පුද්ගලයකු මාංචු දමා මහ දවාලේ පදික වේදිකාවේ බිම දමාගෙන අවට සියලු‍ දෙනා බලා සිටියදී මරා දැමීම ආසියාවේ රටක සිදුවී නම් අමෙරිකාවේ නායකයෝද ඔවුන්ට උල්පන්දම් දෙන ත්‍රස්ත සංවිධානවල වර්ණ නියෝජනය කරන ඇඳුම් ඇඳගෙන ලෝකය හමුවේ පට්ටපල් බොරු කියන ඊනියා මානව ක්‍රියාකාරිකයන්ද ඒ රටට එරෙහිව චෝදනා කිරීමට මොහොතක්වත් නොපැකිලෙනු ඇත.

එහෙත් අමෙරිකාවේ ජනාධිපති මන්දිරය ඉදිරියේ විරෝධතා පවත්වන තරමට දරුණු වී ඇති තත්ත්වයක් තුළ පවා අමෙරිකාවේ නායකයා හැසිරෙන්නේ උද්ධච්ඡ ඒකාධිපතියකු මෙනි. අපට කනගාටු ලෝකයේ ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී නිදහසක් ඇති රට වශයෙන් තමන්ම හඳුන්වා ගන්නා අමෙරිකාවේ මහාමාර්ගවල පවා නිරායුධ මිනිසුන් මරාදැමීමත් ඒ ගැන අඩු තරමින් කනගාටුව පළ කිරීමට හෝ අමෙරිකානු නායකයාගේ දිව නොනැමීමත් ගැනය.



අදහස් (2)

මානව අයිතිය නොදකින ලෝක පොලිස්කාරයා

R A SAMANTHA Monday, 08 June 2020 04:59 PM

මම ඇමෙරිකාවට වෛර කරනවා.

:       0       0

jayantha Thursday, 11 June 2020 02:17 AM

ඇමෙරිකාව ගැන නොදන්නා දේවල් කතානොකර ඉන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1235 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1321 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 553 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1015 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3153 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10010 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1046 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 251 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1294 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site