(ජයන්ත සමරකෝන්)
මොනරාගල බන්ධනාගාරයේ සිරකරුවන් දෙපිරිසක් අතර අද(03) දහවල් ඇති වූ ගැටුමක් හේතුවෙන් 'මැස්සා' නමැති සිරකරුවෙකු මිය ගොස් ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
මෙම ගැටුම මැඩ පැවැත්වීම සඳහා දැඩි පරිශ්‍රමයක් දරා ඇති අතර, එහිදී එක් නිලධාරියෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයිද දැනගන්නට තිබේ.
මෙම සිද්ධියෙන් සිරකරුවන් නොසන්සුන්තාවයට පත්ව සිටින බවද, එම තත්වය මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකා කණ්ඩායම් එම බන්ධනාගාරයට යවා ඇතැයි ද වාර්තා වේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ මොනරාගල වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලර් වලින් යැපෙන කාලකන්නි NGO හැත්ත වස්ත්‍ර කරටම උස්සාගෙන එයි හිරකරුවොත් මනුෂ්‍යයෝය කියාගෙන....
වැඩිදුර නොවෙයි, පූර්ණ පරීක්ෂණයක් අත්‍යාවශ්‍යයි. මොකද ඌරන් කැකුණ තලන විට ජිනීවා හබන් කුකුළන්ටළු රජ මඟුල්.