(ටී.කේ.ජී.කපිල)
ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ මිනීමැරුමක් සිදු කර , ඩුබායි වෙත පලා යෑමට පැමිණි යුවළක් ඊයේ රාත්‍රී කටුනායක ගුවන් තොටුපළේ දී පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලැබ සිටිති.
ගල්කිස්ස පොලිස් බල ප්‍රදේශය තුළ පිරිමි පුද්ගලයකු ඝාතනය කර ඩුබායි වෙත පළා යෑමට සුදානම් වන බවට තොරතුරක් ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඒ බව කටුනායක ගුවන් තොටුපළ පොලීසියට දැනුම් දී ඇත.
ඒ අනුව මොවුන්ට එරෙහිව තාවකාලික ගුවන් ගමන් තහනමක් කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පනවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක පුදුමයක්... මෙහෙම අල්ලගත්තේ නම් ඉතින්... කිසිම දේශපාලන මුක්කුවක් නැති දෙන්නෙක් නිසා වෙන්න බැරිද?