
(නිමල් ජයරත්න)
ඓතිහාසික දිඹුලාගල පුරවරයේ වැඩිම කාලයක් සංචාරය කිරීමට පැමිණෙන පළමු විදේශිකයන් කණ්ඩායම් පිළිගැනීමේ උත්සවයක් මනම්පිටිය මහවැලි පාලම අසලදී සිදු කළහ.
දිඹුලාගල සංචාරකයන් සඳහා මඟපෙන්වන්ගේ සංගමය, ශ්‍රී ලංකා මහවල අධිකාරිය, දිඹුලාගල ප්‍රාදේශීය සභාව, එක්ව මෙය සංවිධානය කර තිබිණි.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් මනම්පිටිය මහවැලි පාලම අසලදී හරසරෙන් පිළිගත් මෙම සංචාරකයින්ට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින්, නර්තන කණ්ඩායම් විසින් ඔවුන් පිළිගැනීම සිදුකළහ.
ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන මනම්පිටිය හෙළ බොජුන් හල මගින් ඔවුන්ට දේශීය ආහාර වේලක් ලබාදීමටද කටයුතු කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතිහාසය විකුණගෙන කන්න විතරයි හොඳ. නමුත් අවජාතකයින් ට ඒක ඇලර්ජි .
ඔබට ස්තූතියි!