
(මනම්පිටිය නිමල් ජයරත්න)
මනම්පිටිය වැලි මංකඩලාභින් සහ ටිපර් රථ හිමිකරුවන් මෙන්ම වැලි ගොඩ දමන කම්කරුවන් පිරිසක් අද( 23 ) මනම්පිටිය වැලිගොඩ දමන පෞද්ගලික සමාගමේ කාර්යාලය තුළට ඇතුල්වී එහි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැය හතරක පමණ කාලයක් කාර්යාල අඩස්සියටගෙන වැලි මංකඩලාභීන් සහ කම්කරුවන් විරෝධතාවකවක නිරත වූහ.
පොළොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ පාරම්පරිකව වැලි ගොඩදමන මංකඩලාභීන්ගේ වැලි කැණීම් බලපත්‍ර හතරක් දැනුම් දීමකින් තොරව, නීති විරෝධී අයුරින්, එක් බලපත්‍රයකට රුපියල් ලක්ෂ විසිපහ බැගින් ගෙන පිටස්තර පුද්ගලයින් සිව්දෙනෙකුට ලබාදී ඇති බවට පවසමින් ඔවුහු මෙලෙස විරෝධතාවේ නියැලුණහ.
වැලි කැණීම් බලපත්‍රයක් පවුලේ කෙනෙකුට හෝ ඥාතියෙකුට පැවරීම හැරුණු කොට වෙනත් අයෙකුට පැවරීම තහනම් කර තිබිණි.
ඒලෙස තිබියදී වැලි සමාගමේ ප්‍රධාන විධායක කළමනාකාරවරයා සහ තවත් නිළධාරීන් කිහිප දෙනෙකු එක්ව පසුගිය 18 වැනිදා තම සාමාජික සිවුදෙනෙකුගේ වැලි කැණීම් බලපත්‍ර ආරක්ෂක අංශයේ සහ දේශපාලන හිතවතුන්ට ලබාදී ඇති බවත්, එය නීතිවිරෝධී බවත්, එය වහාම අත්හිටුවා තම සාමාජිකයන්ට යළි වැලි කැණීම් බලපත්‍ර ලබාදීමට කටයුතු කර ලෙසද විරෝධතාකරුවෝ මෙහිදී සඳහන් කළහ.
ප්‍රධාන විධායක නිලධාරීවරයාට කාර්යාලයෙන් එළියට යෑමට ඉඩ නොදී වැලි කම්කරුවන් වැලි මංකඩලාභීන් මෙන්ම ටිපර් රථ රියැදුරන් කාර්යාලයේ බිම වාඩි සිටින අවස්ථාවේදී එය තරමක් උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූහ.
පසුව මනම්පිටිය පොලිසිය මැදිහත්වී ප්‍රධාන විධායක නිලධාරීවරයා සහ විරෝධතාකරුවන් සමග සාකච්ඡාවකින් අනතුරුව පිටස්තර සිව්දෙනාට ලබාදී ඇති වැලි කැනීම් බලපත්‍ර වහාම අත්හිටුවා, වැලි කැණීම් බලපත්‍ර සාමාජිකයන් සිව්දෙනාට යළිත් වරක් ලබාදෙන ලබාදෙන බවට දුන් ලිඛිත පොරොන්දුවක් සමග විරෝධතාවය අවසන් වූහ.


2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනම්පිටිය වැලි සමාගම කම්කරුවෝ වටලති
Mahasen Monday, 23 October 2023 03:30 PM
පව් අහිංසක කම්පැනි කාරයෝ කීයක් හරි හොයා ගන්න හිතුවා විතරයි
Athula Monday, 23 October 2023 10:34 PM
රටම දුෂණයෙන්... නොදකින් මේ තක්කඩි එළවන්න වරෙල්ලා යකෝ...! බොරුවට ඔහොම එකඑක ප්‍රශ්න අරගෙන කාර්යාල ගානේ ගිහින් ඵලක් නැහැ..!