(සිතුම් චතුරංග)
මන්නාරම, උයිලන්කුලම නොච්චිකුලම ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ඇතිවූ ගැටුමක් අතරතුර තියුණු ආයුධවලින් පරදීමෙන් සහෝදරයන් දෙදෙනකු ජීවිතක්ෂයටපත්ව තවත් සිව්දෙනකු තුවාල ලබා ඇතැයි මන්නාරම පොලිසිය කියයි.
එලෙස මියගොස් ඇත්තේ වන්නාකුලම් , උයිලන්කුලම , මන්නාරම පදිංචි ජේසුදාසන් රාමයියා (45) සහ ජේසුදාසන් දේවරාජ් (34) නැමති අයියා මලෝ දෙදෙනෙකි.
ඝාතනයවූ අයියා මලෝ දෙදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවටපත්වූවන් බවට තොරතුරු අනාවරණයවූ බවත් පොලිසිය පැවසීය.
පහරදීමෙන් තුවාල ලැබූවන් මන්නාරම රෝහල වෙත ඇතුලත් කොට ඇති අතර ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවත් පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd