
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
නින්ජා වෙසින් නිවසක් කොල්ල කෑමට පැමිණ අඹු සැමි යුවලකට හා අවුරුදු දෙකක් වයසැති දියණියකට තියුණු ආයුධයක් පෙන්වා භිය ගන්වා පහර දී පළා යාමට තැත් කළ පුද්ගලයකු නිවැසින්ගේ පහර කා තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි හෝමාගම මූලස්ථාන පොලීසිය කියයි.
කෝකරු පළා යාමට තැත් කිරීමේදී ඔහු අත තිබූ තියුණු ආයුධයෙන්ම නිවෙස් ඒලෙස පහරදී තිබේ. පහරකෑමෙන් තුවාල ලැබූ කොල්ලකරු ශල්‍යකර්මයක් සඳහා යොමු කළ බව රෝහල් ආරංචි මාර්ග කියයි .
මෙම සිදුවීම පෞද්ගලික ආයතනයක අලෙවි විධායක නිලධාරියකුට අයත් හෝමාගම පිටිපන ගුණවර්ධන මාවතේ නිවෙසක අළුයම සිදුව තිබූ අතර නින්ජා වෙස්ගත් සැකකරු මන්නයක් අතැතිව මෙම නිවස කොල්ලකෑමට පැමිණ තිබේ .
එම අවස්ථාවේදී ඒ බව දුටු නිවෙස් හිමියා ඔහු අල්ලා ගැනීමට යාමේදී ඔහුට මන්නයකින් කෙටීමට සැකකරු උත්සාහ කර තිබේ.
පසුව ඔහු සමග පොරබදන අවස්ථාවේදී එම ස්ථානයට නිවෙස් හිමියාගේ බිරිඳ හා අවුරුදු දෙකක් වයසැති දියණියක ද පැමිණීමත් සමග ඔවුන් දෙදෙනාටද කොල්ලකරු මරණීය තර්ජනය කොට පහරදී තිබේ.
පසුව බිරිඳ කොල්ලකරු අල්ලාගෙන ඔහු සමඟ පොරබදන අවස්ථාවේදී නිවෙස් හිමියා ක්ෂණිකව ක්‍රියාත්මක වී කොල්ල කරු අත තිබූ මන්නය උදුරාගෙන ඔහුගේ සිරුරේ ස්ථාන කිහිපයකට පහර දී බිරිද බේරාගෙන ඇති බවයි පොලිසිය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්භීත සැමියා. නීතිය ඔහුව ආරක්ෂා කළ යුතුයි
නියමයි මම නම් එයාගේ ඇඟිලි ටික අතින් වෙන් කරනවා. ඔය වෙලාවට ඕන දෙයක් කරන්න පුළුවන් ඝට ඇවිල්ලා.
මරාදැමුවත් ඔබ නිදොස්, කුඩා දරුවන් ඉදිරියේ මෙසේ චන්ඩිපාට් දැමූ එකා එලොව යැව්වට පව් නැත.