(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මුන්දලම දිසා රෝහලේ කාර්ය මණ්ඩලයට රෝහලෙන් පිටවීම අද (10) දහවල් වනතුරු තාවකාලිකව නතර කළ බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී මහාලිංගම් පාස්කරන් මහතා පැවසීය.

උණ සහ සෙම රෝගයෙන් පෙළුණු 22 හැවිරිදි විවාහකයකු අද (10) දහවල් මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් කිරිමෙන් පසු මිය යෑමේ සිද්ධිය හේතුවෙන් මුන්දලම රෝහලේ සේවක පිරිස රෝහලෙන් පිටව යෑම නතර කළ බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ මාරවිල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහුගේ ජෛව පටල සාම්මල පරීක්ෂාවට යොමු කර ඇති අතර එහි වාර්තාව අද (10) දහවල් ලැබීමට ඇති බව දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කීය.

එම ජෛව පටල වාර්තාව ලැබෙනතුරු රෝහලේ කාර්ය මණ්ඩලයට මෙසේ රෝහලෙන් පිටවීම තාවකාලිකව නතර කළ බවද දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කීය.