
(ඩයනා උදයංගනී)
අත්පත් කරගත් ගොඩනැගිලිවලින් ඉවත්වීමට තමන් තීරණය කළ බව ගාලු මුවදොර අරගලකරුවෝ පවසති.
තමන්ට ජනාධිපති මන්දිරය, අරලියගහ මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අගමැති ලේකම් කාර්යාලය යන ගොඩනැගිලි අත්පත් කරගැනීමට සිදුවූයේ ජනාධිපතිවරයා ඉවත් විය යුතු බවට සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බවත්, මේ වන විට ජනාධිපතිවරයා රටින් ද පලා ගොස් ඇති බවත් අරගලකරුවන් නියෝජනය කරන ළහිරු වීරසේකර මහතා පැවසීය.
අද ඔහු ලොව කිසිම රටක් භාර නොගත් ජනාධිපතිවරයෙක් බවට පත්ව ඇතැයි කී වීරසේකර මහතා රනිල් වික්‍රමසිංහ මහතා ද තමන්ගේ ජනාධිපති සිහිනය වෙනුවෙන් මිනී මරපු නායකයෙක් හා රටට කිසිම දෙයක් නොකළ අගමැතිවරයෙක් ලෙස ඉතිහාසගතවීමට නියමිත බව කීවේය.
අරගලය ආපස්සට නොගෙන අඛණ්ඩව පවත්වාගෙන යන බව කී වීරසේකර මහතා මෙම ගොඩනැගිලිවලින් ඉවත්වෙන්නේ ඒවා මහජන දේපල බවට පත්කරලමින් බව ද සඳහන් කළේය.
ඔහු මේ බව පැවසුවේ ගාලුමුවදොර පිහිටි ‘ගෝඨා ගෝ ගම’ අරගල භූමියේදී අද (14) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
තවත් අරගලකරුවෝ පිරිසක් මෙහිදී අදහස් දැක්වූහ.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)



(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැවත ප්‍රතිස්ථාපන වියදම ජනතාවගේ බදු මුදලින් නැතිව අරගල කරුවන්ගෙන් අයකරගන්ඩ .. .
බුද්ධිමත් තීරණයක්... ඉතා හොඳයි...!
ඔන්න රනිල් බලාගන්න. කට්ටියම අකුලාගෙන ගියා නේද?
“සංකේතාත්මක පණිවුඩයක් ලබාදීම සඳහා බවත්” — ඔව්, ඔව්, නියම සංඛේත ටිකක් ලෝකෙටම පෙන්නුවේ. කොහොමටත් දැන් ඉතින් ඒ තැන්වල විනාශ කරන්න තව මුකුත් ඉකිරිවෙලා නැහැනේ නේද? ඔය මහ අරගලකාරයෝ අවුරුද්දකට විතර රටින් පැනගන්න පිඹුරු පත් හදලා ඉවරවෙලා තමයි ඔය වැඩේට අතගැහුවේ. ඒ බව දන්න අය දන්නවා.
බලාපොරොත්තු ඉටුවීමත් සමග හොඳ තීරණයක්...
ඉතාමත්ම හොඳ තීරණයක් . මේක රටක්, තේ කඩයක් නෙවෙයි . අවශ්‍ය දේ, රාජපස්ස ලා එළවන එක නේද ?
ඉතාමත්ම හොඳ තීරණයක් . අරගලයට ජයවේවා ! අපගේ මාතෘ භූමියට ජයවේවා !
තවත් ඕවා ඇතුලේ හිටියොත් AC කාමරවලටයි හොරකම් කරපු බඩු වලටයි තව මරා ගන්න වෙන නිසා හිටපු කූඩාරම් වලටම යනවා.
මෙහෙම කලේනැත්නම් පෙරටුගාමීන් කරන අමන වැඩ නිසා JVP එකටත් යන එන මංනැති වෙනවා.
නැත්නම් කෑමක් අත ළඟමයි...
අරගල කරුවෝ කියලා කෙනෙක් නෑ පුතා. ඔක්කොම ඉන්නේ කුඩුකාරයොයි, රස්තියාදු කාරයොයි... යන එන මං නැති අයයි, විතරයි...
පුතාලා තව එන්න... ඕකෙ මෙච්චර කල් සැප ගත්තේ ධනවාදීන්, අපි වගේ පන්තිවල මිනිස්සු ඔය තැන්වල සැපගන්න ඕනෑ... අපේ ළමයි AC කාමරවල, පූල්වල සැපගන්න ඕනෑ. දැන්ම යන්න එපා ලමයිනේ...
ජනතා දේපළ විනාශ කළ අරගලකරුවන්ට වහාම මරණ දඬුවම දෙන්න... මේ අපේ බදුසල්ලි අරගලකරුවන්ට විනාශ කරන්න දෙන්න බැහැ. ඇතුල්වීම නීති විරෝධියි. මානුෂීය හමුදාවක් නිසා මර්ධනය නොකළාට අපි ඔවුන්ට ණය ඇති.. නැතිනම් පැය 24න් ඔය අරගලකරුවන් මහ පොළවට සමතලා කර ඉවරයි.
දැන් දැන් වැටෙන කමෙන්ට් අනුව අරගලය රිවස් වනවා දැයි සැකයක් එනවා...
කොල්ලනේ.. නුඹලාගේ තීරණය ගොඩාක් හොඳයි. ඔය ළිං මැඩියන්ට අරගලය නොතේරුණා වුණාට බුද්ධිමත් මිනිස්සු නුඹලාව තේරුම් ගත්තා..!
මේ අයට තේරුණා.. කාපු බුරියානි වමාරන්න වෙන බව. ඒ වගේම මරණ බියත් දැනුණා. බොරු ගොඩක් වමාරලා මාරුවෙන්න හදන්නේ... අරගල භූමියටත් ඔය ආනිසංශයම තමයි...