
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ජනතාවගේ පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් දීප ව්‍යාප්තව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ අංශවලට උපදෙස්දී ඇත.
දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා පළවිය.
මේ සමීක්ෂණය පවත්වන්නේ එම තොරතුරු සත්‍යය දැයි තහවුරු කර කරගැනීම සඳහාය.
මෙම සමීක්ෂණය මගින් ලබාගන්නා තොරතුරු සහ දත්ත පදනම් කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මන්දපෝෂණය ගැන රට පුරා සමීක්ෂණයක්
mp Monday, 26 September 2022 12:36 PM
සමීක්ෂණය කරන්නේ ආණ්ඩුවෙන්ද? එහෙමනම්, වාර්තාව හරියටම තියේවි. දේවාලේ කපුවගේ අම්මගෙන් පේන ඇහුවා වගේ තියේවි. මන්ද පෝෂණය පිළිබඳ අමුතුවෙන් සමීක්ෂණ මොනවටද? මිනිස්සු කන බත්පත දිහා බැලුවාම ඒක තීරණය කරන්න පුළුවනි. පාසල් යන ළමයි කලන්තේ දාලා වැටෙනවා නම් - ඒ අයට ඒ වයසේදී අධිරුධිර පීඩනය නැතිනිසා හිතාගන්න පුළුවන්. මේ ආණ්ඩුවට කඩේ යන සෞඛ්‍ය සංගමයක් දැන් ඉන්නවා. ඒ අය කලටි පොල් කෑමේ ගුණය දැන් ශබ්ද නගා කියනවා.
ravin Monday, 26 September 2022 12:46 PM
නරකද ඕක දියවන්නාවෙන්ම පටන් ගත්තා නම්. වියදම් කරනවා.. අඩු හින්දා කොමිස් ගැහීමත් අඩුවෙලා. කොමිස් අඩු හින්දා මන්ද පෝෂණය වැඩිවෙලාලු...
pakeer Monday, 26 September 2022 12:49 PM
මගෙන් අහන්න ආවොත් මම කියන්නම් අපි දැන් කන්නේ කොහොමද කියලා...?
fairoos Monday, 26 September 2022 02:55 PM
මේ අය ඉන්නේ ලංකාවේ නෙවෙයි වගේ... මේ ඉන්න සෙට් එක තොලොංචි වෙලා ගියොත් තමයි රටට සෙත...