
(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)
ජනතාවගේ පෝෂණ ගැටලු හඳුනාගැනීම සඳහා සමීක්ෂණයක් දීප ව්‍යාප්තව පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අදාළ අංශවලට උපදෙස්දී ඇත.
දරුවන්ගේ පෝෂණ ඌනතා සම්බන්ධයෙන් පසුගිය දිනවල විවිධ වාර්තා පළවිය.
මේ සමීක්ෂණය පවත්වන්නේ එම තොරතුරු සත්‍යය දැයි තහවුරු කර කරගැනීම සඳහාය.
මෙම සමීක්ෂණය මගින් ලබාගන්නා තොරතුරු සහ දත්ත පදනම් කරගෙන අවශ්‍ය ක්‍රියාමාර්ග තීරණය කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමීක්ෂණය කරන්නේ ආණ්ඩුවෙන්ද? එහෙමනම්, වාර්තාව හරියටම තියේවි. දේවාලේ කපුවගේ අම්මගෙන් පේන ඇහුවා වගේ තියේවි. මන්ද පෝෂණය පිළිබඳ අමුතුවෙන් සමීක්ෂණ මොනවටද? මිනිස්සු කන බත්පත දිහා බැලුවාම ඒක තීරණය කරන්න පුළුවනි. පාසල් යන ළමයි කලන්තේ දාලා වැටෙනවා නම් - ඒ අයට ඒ වයසේදී අධිරුධිර පීඩනය නැතිනිසා හිතාගන්න පුළුවන්. මේ ආණ්ඩුවට කඩේ යන සෞඛ්‍ය සංගමයක් දැන් ඉන්නවා. ඒ අය කලටි පොල් කෑමේ ගුණය දැන් ශබ්ද නගා කියනවා.
නරකද ඕක දියවන්නාවෙන්ම පටන් ගත්තා නම්. වියදම් කරනවා.. අඩු හින්දා කොමිස් ගැහීමත් අඩුවෙලා. කොමිස් අඩු හින්දා මන්ද පෝෂණය වැඩිවෙලාලු...
මගෙන් අහන්න ආවොත් මම කියන්නම් අපි දැන් කන්නේ කොහොමද කියලා...?
මේ අය ඉන්නේ ලංකාවේ නෙවෙයි වගේ... මේ ඉන්න සෙට් එක තොලොංචි වෙලා ගියොත් තමයි රටට සෙත...