(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවැති විවාදයේදී පිළිතුරු කතා පැවැත්වීමට කිසිදු වගකිව යුතු ඇමැතිවරයෙකු පාර්ලිමේන්තු සභා ගර්භයේ අද පස්වරුවේ රැඳී නොසිටීම විශේෂ සිද්ධියක් විය.
රටේ මන්දපෝෂණ තත්වය පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ විවාදය දින දෙකක් පුරා සහ පැවැත්විණ.
මෙම විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සමගි ජන බලවේගය පක්ෂයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය විසිනි.
රටේ මන්දපෝෂණ තත්වය සම්බන්ධයෙන් පැවති විවාදයේ පිළිතුරු කතා පැවැත්වීමට වගකිවයුතු ඇමතිවරයකු නොසිටීම කණගාටුදායක කරුණක් බව රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විවාදය අවසානයේදී පැවැසුවාය.
මෙම විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු පනහකට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 6 වෙනි තැන පසුවන බව යුනිසෙෆ් සංවිධානය සිය වාර්තාවෙන් අනාවරණය කර තිබිණ. යුනිසෙෆ් සංවිධානය අනාවරණය කළ එම කරුණු පදනම් කරගෙන සමගි ජන බලවේගය පක්ෂය මෙම විවාදය ඉල්ලා තිබිණ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මන්දපෝෂණය ගැන උත්තර දෙන්න ඇමැති නෑ
Bamunuarachchi Wednesday, 07 September 2022 07:15 PM
මන්ද පෝෂණයට උත්තර දීලා වැඩක් නැහැ... කන්න දුන්නොත් වැඩ තියේවි..!
pakeer Wednesday, 07 September 2022 08:28 PM
ඕවා බාහිර බලවේග... අපේ රටේ ඕනෑතරම් කන්න තියෙනවා. ඕනෑනම් ඇවිත් ජනාධිපතිගෙන් අහන්න.
sweneThursday, 08 September 2022 06:07 AM
කතා කරන්නේ කුමකටද ? 2048දී අපි ණය නැති ජාතියක් බවටත් වෙනවා .
Perera Thursday, 08 September 2022 12:00 AM
ඇමතිලට මොලේ මන්දපෝෂණය තදින්ම බලපාලා.
LGPJ Thursday, 08 September 2022 05:59 AM
He is might be suffering from mal nutrition at this time.
chandima Thursday, 08 September 2022 06:07 AM
බුරියානි කාලා රටේ ම,මන්ධපෝෂණය ගැන විවාද කරනවා බලන්න ආසාවේ බැහැ
fairoos Thursday, 08 September 2022 11:59 AM
නන්දසේන එලෙව්වා වගේ පොහොට්ටුවේ සෙට් එකම යවන්න ඕනෑ...