
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මිද්දෙණිය ඝාතනය පිටුපස සිටින දේශපාලකයන් කවුදැයි ඉතා නොබෝ දිනකින් හෙළිදරව් වනු ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
මෑත කාලයේදී අනවසර ගිනි අවි 984 ක් අත්අඩංගුවට ගෙන තිබෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයායා කීය.
"ආරක්ෂක කවුන්සිලයේ අනාරක්ෂිත බවක් නැතැයි කියැවුණා.එදා ලොකු අත්දැකීම් සහිත ආරක්ෂක කවුන්සිලයට පාස්කු ප්‍රහාරය ගැන තොරතුරු පැමිණි පසු සිදුවූ දේ ගැන අමුතුවෙන් කිව යුතු නැහැ.
අනෙක ප්‍රාදේශීය සභාවක වත් හිටපු මහත්තයෙක් මේක කිව්වා නම් ඒ ගැන ටිකක් හිතන්න තිබුනා.මේ මෑත කාලයේදී ගිනි අවි 984 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අතීතයේ පාතාල ක්‍රියා සිදුවුණේ යම් දේශපාලන ක්‍රියාකාරකමක් සම්බන්ධවයි.නමුත් අද එවැනි තත්ත්වයක් නැහැ.එදා පාතාලය නඩත්තු කළේ දේශපාලන අධිකාරිය.අපි පොලිස් කොමිසමට බලපෑම් කරන්නේ නැහැ.පොලිස් කොමිසම ස්වාධීනව කටයුතු කරනවා. අපට ඔවුන් සමඟ ප්‍රශ්නයක් නෑ යැයි සුනිල් වටගල මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔයාට නම් ඔය වැඩේ බෑ කියලා එදා දැක්කා. බොරු කයිවාරු නැතුව යන්න...
හැමදේම වෙයි, කෙරෙයි... වගේ අනාගතයට නොදා හෙළි කිරීමයි වැදගත්... මොකද මෙරට බහුතර ජතතාවක් කිසිම දේශපාලන පක්ෂයක් බදාගෙන නෑ..
අර කාන්තාව හොයාගන්න බැරි මෙයාලා අල්ලයි වල්ගේ. කයිය විතරයි. වැඩ බෑ...
ඕවා කරන්න කලින් අර බූරුවාව හොයා ගන්ඩ. කයියෝ කියන්නේ නිකන් නෙවෙයි.
ඔන්න අපි විශ්වාස කළා.
සහතික ඇත්ත. ඉස්සර පාතාලය හිටියේ දේශපාලකයින්ගේ අතකොලුවෝ...!