තිස්සමහාරාමයේ බඩගින්නෙන් මියගිය දරුවාගේ පවුලට රජයෙන් ලබා දිය යුතු හැම ආධාරයක්ම ලබා දීමට නිලධාරීන් ක්‍රියා කර ඇතත්, දරුවාගේ පියා ඒවා ප්‍රතික්ෂේප කර ඇති බව සිදු කරන ලද පරීක්ෂණයෙන් හෙළි වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එම්.කේ. බන්දුල හරිශ්චන්ද්‍ර මහතා පැවසීය.
එසේ පියා ප්‍රතික්ෂේප කළ ද ජීවිත්ව සිටින දරුවන් වෙනුවෙන් රජයෙන් ලබා දිය හැකි සියලු ආධාර උපකාර ලබා දීමට පියවර ගන්නා ලෙසට අදාළ නිලධාරීන්ට දිස්ත්‍රික් ලේකම්වරයා පෙරේදා (18) උපදෙස් දී ඇත.
මව හෝ පියා එසේ ආධාර උපකාර ප්‍රතික්ෂේප කළ ද දරුවන් රැක බලා ගැනීම රජයේ වගකීමක් වන හෙයින් අදාළ ලේඛන රජයේ නිලධාරීන් විසින්ම පුරවා අත්සන් කිරීමට අපහසු නම් ඇඟිලි සලකුණු හෝ යොදා එම දීමනා ලබා දීමට පියවර ගන්නට තිබූ බවත්, දැන් එසේ කරන ලෙසට නිලධාරීන්ට උපදෙස් දී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා කීවේය.
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය රුපියල් ලක්ෂ පහක ආධාරයක් ද මෙම පවුලට ලබා දී ඇති අතර නිවෙසකට අත්තිවාරම් පමණක් යොදා ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීහ.
පියා මාළු විකිණීමේ රැකියාව කරන අයෙකු බවද, මවට එතරම් අවබෝධයක් නැති කෙනෙකු බවද හෙළිවී ඇති බව එම ප්‍රදේශයේ අදාළ නිලධාරීන් පවසා ඇත.
හම්බන්තොට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ දීපිකා පටබැඳිගේ මහත්මිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය තම රාජකාරිය නිසි ලෙස ඉටු කර තිබෙන බවත් ඇය අතින් කිසිදු වරදක් සිදුවී නොමැති බවත් කීවාය. මේ දරුවා මියගොස් ඇත්තේ මවුපියන් දරුවා සම්බන්ධව දැක් වූ අඩු සැලකිල්ල නිසා බව මෙතෙක් සිදු කළ විමර්ශනවලදී හෙළිවී ඇතැයි ද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය පැවසුවාය.
නිලධාරිනිය නියමිත දිනවල දී දරුවාගේ බර කිරා ඇති බවට සටහන් පොත්වල ලියැවී තිබෙන බවත් ත්‍රිපෝෂ ලබා දීමට පවා නිර්දේශ කර ඇති බවත් කී දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය හම්බන්තොට දිස්ත්‍රික්කය ළමා පෝෂණ මට්ටම අතින් දෙවන ස්ථානය ගන්නා දිස්ත්‍රික්කය බවට පත්ව ඇති බවත් කීවාය.
මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු නිලධාරීන් පස් දෙනෙකුගෙන් වාර්තා කැඳවා ඇත.
ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණිය, ග්‍රාම නිලධාරි, ආර්ථික සංවර්ධන නිලධාරි සහ සමෘද්ධි සංවර්ධන යන නිලධාරීන්ගෙන් මෙම වාර්තා කැඳවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන් දරුවාගේ පියාට තර්ජනය කරන්ඩ ඇති එහෙම කියන්ඩ කියල.
පියා ආධාර එපා කියනවා ? මාධ්‍ය පියාගෙන් අහමුද ඒ ගැන ? හිතාගන්න බෑ එහෙම තත්වයක්.
මොන විහිලුවක්ද මේක!. සමෘද්ධිය ලැබෙන්ට ඕනේ මිනිසුන්ට නෙමයි ලැබෙන්නේ දේශපාලන හෙන්ච්චයියන්ටයි . රටකට ගිය කලක්!!
ඔව් මමත් පිලිගන්නවා... හැම දේටම අපිට රජයේ නිලධාරීන්ට දොස් කියන්න බැහැ.. මේ තාත්තගේ දුර්වල කමක් මෙතන තියෙන්නේ. මේ අම්මත් තාත්තත් අනවබෝධයෙන් වැඩ කිරීමක් සහ ඒ අයට උවමනාවක් නැති කමක් පෙනී යන්නේ..
අපට හරි ලේසියි නිලධාරීන්ට දොස් කියල ඇඟ බේරා ගන්න. නමුත්, දෙමවුපියන්ගේ අහංකාරකමට රජයක් මොනවා කරන්නද?
මේ වගේ තාත්තලාගේ කැරැට්ටුව ගැනත් ටිකක් හොයා බලන එක මේ සහනාදාර නිලදාරීන්ගේද වගකීමක් වියයුතුයි .
ඔව් ඔව්. රජය ආධාර දෙන හැටි අපි දන්නවා. ඇඟේ ගහල දෙන්නේ. අපට ඕන්නැති නිසා බොහොම අමාරුවෙන් තමයි නොගෙන බේරිලා ඉන්නේ.
මෙම පියා කිසියම් දේශපාලන පක්ෂයකට සම්බන්ධව සිටීද බලන්න.
හරිම පුදුමයි! නිකන් දෙන හෙම්බිරිස්සවත් පැනල ගන්න රටේ මෙහෙම දෙන දේවල් එපා කියන මිනිස්සුත් ඉන්නවද? මොලේ අමාරුවක් තිබිලද?
ආධාර දෙන්න අවශ්‍ය නැ. ඒ මනුස්සයට රජයේ රැකියාවක් දෙන්න
කොහොමත් අර කොමිසම් දැම්ම වගේ මේවා ඔක්කොම වැරදි අන්තිමට ඔය පියාගේ පිටදාලා අදාල නිලදාරීන් ගැලවෙයි. ඔය ලිපි ලේඛන හදන්නෙත් ඔය නිලදාරීන්මනේ.. ඔය ආධාර ගන්න පුරවන්න ඕනේ ලියකියවිලි පුරවන්න මේ අයට දැනුමක් තියෙන්න නැහැ ඉතින් ඒ නිසා ඔය ආධාර නොදී ඉන්න ඇති, මේ දෙමව්පියන්ව හැමතැනම රස්තියාදු කරවන්න ඇති... අපි දන්නවනේ ඔය රජයේ සමහර කන්තෝරුවල වැඩ වෙන හැටි..