(සුජිත් හේවාජුලිගේ )
ප්‍රචණ්ඩකාරී විසින් විනාශ කෙරුණු මන්ත්‍රීවරුන්ගේ නිවාස වෙනුවෙන් වන්දි ලබා ගැනීම අරගලයට සම්බන්ධ වූ ඇතැම් නිලධාරින් එම නිවාසවලට අදාල තොරතුරු ලබාදීම හිතාමතාම ප්‍රමාද කිරීම නිසා ලොකු ගැටලුකාරී තත්වයක් මතුව ඇතැයි වාර්තා වේ.
මෙසේ තොරතුරු ලබාදීම හිතාමතාම මග හරින අය අතර දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ,තක්සේරු නිලධාරීන් ඇතුළු නිලධාරීහුද සිටිති.
මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනටමත් පැමිණිලි කර ඇත.
මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාගැනීමට අදාල මන්ත්‍රීවරුන්ට ලොකු පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇති බවත් ඒ සඳහා දැනටමත් විවිධ පෝරම ගණනාවක්ම පුරවා අවසන් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් පැවසූහ.
මේ අතර හානි වූ නිවාස වෙනුවෙන් වන්දි ලබාදීම අධික්ෂණය කිරීම සඳහා විශේෂ කමිටුවක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලැබ සිටී. එම කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කරන්නේ ආචාර්ය සුරේන් බටගොඩ මහතාය.
මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් බටගොඩ මහතාගේ මහතා ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා පැවැත්විණ.
අරගලය අතරින් පැමිණි ප්‍රචණ්ඩකාරීන් විසින් ඉකුත් මැයි මස නව වෙනිදා කළ පහර දීම් සහ ගිනි තැබීම් වලින් මන්ත්‍රීවරුන් 76 දෙනකුගේ නිවාස ඇතුළු දේපළ විනාශයට පත්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන්න තියෙන්නේ රාජ්‍ය පරිපාලන ලේකම්මගින් අකාර්යක්ෂමතාවය අදක්ෂතාව, නොසැලකිල්ල, අවංකභාවය නැතිකම, අනවධානය වගේ ආයතන සංග්‍රහයේ තියෙන වැරදි කරලා කියලා පේනවා නම් ඔවුන්ගෙන් නිදහසට කරුණු විමසා ලිපි යවන්න.. විනයානුකූලව කටයුතු කරන්න හැමදාම හුරතල් කරලා හරියන්නේ නැහැ. මෑතකදී පත්වීම් ගත් බොහෝ දෙනෙක් සම්මුඛ පරීක්ෂණයේ ඉහළින්ම ලකුණු ගත්ත අයනේ... එහෙම අය ඕවා කරනවා.
වන්දි ගෙවන්න කලින් ඔය මාලිගා හදන්න සල්ලි ලැබුනේ කොහොමද කියන එක හොයන්න ඕනේ.
හොරකම් කරලා, මංකොල්ල කාලා ගෙවල් ගිනි තියපුවායේ ලාබේ ඔය ප්‍රාදේශීය ලේකම්ලාටත් එනවා ඇති... අනික නිලධාරීන් හනුමන්තාගේ සෙට් එකේ උදවිය නම් කොහොමත් කැමැති නැතුව ඇති... එයාලා ගින්නට ආදරෙයි...
එහෙනම්, අපේ රට මේ හොරුන්ගෙන් බේරගන්න මේවට ගිනි තියපු අයටත් ගෙවන්න ඕනෑ නේද?
අරගලය මුවාවෙන් ව්‍යාපාරයක් කළ අයත් හම්බ කරගත්තා. දේපල නැති වෙච්චි අයටත් යහමින් වන්දි ලැබෙයි. අන්තිමට පාඩුව සාමාන්‍ය සත්‍ය ජනතාවට...
අඩක්වත් ගිනි තියපු අයගෙන් අයකළා නම් හරි...!
දැන්නම් වැඩේ හරි... මන්ත්‍රීවරුන් මොවුන් අල්ලස් ගන්නා බවට එන චෝදනා විභාග කරන්න සූදානම් කරන්න...!
වන්දි දෙන්න නොවේ ඕකුන් ඔච්චර ධනය හෙව්වේ කොහොමද කියලා හොයපියව්.
එදා අරගලය නැත්නම් රට තවත් වල පල්ලට යන්න තිබුණා.
නිවාස 76ක් හානි වුණාම සුපිරි නිවාස 101 ක් ගෘහභාණ්ඩත් එක්කම සූදානම් කළේ ඇයි? ඒ කාගේ මුදලින්ද? එතකොට වන්දියයි, සුපිරි නිවසයි. කොහොමද වැඩේ..? මේ අයව දියවන්නාවේ ගිලෙන්නේ නැත්තේ ඇයි?