(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණයේ දී නිදහසේ ඡන්දය භාවිතා කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඇති අයිතිය අවහිර කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රී බලතල හා වරප්‍රසාද පනත යටතේ සහ ඊට අදාළ අපරාධ නීති පනත් යටතේ එලෙස විමර්ශන පවත්වන ලෙසද වැඩිදුරටත් උපදෙස්දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජාතියේ වැඩ කරන්න හදපු සර් නම් මාලදිවයිනට හරි පැනගත්තා...! ඒත් ඔයා කොහෙටද පැනගන්නේ?
දැන් චණ්ඩියා වෙලා වගේ... ඔහොම යමුකෝ..!
කෝටි 50 අල්ලස් දීලා මන්ත්‍රීවරු හරවා ගත්තට කමක් නැද්ද?
අරගලයේ විප්ලවීය දිනක් බවට පත්වූ මැයි මස 09 වැනිදා ඇති වූ කලහකාරී තත්ත්වය හමුවේ ප්‍රහාරවලින් විනාශ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගේ නිවාස යළි සාදාදීමට ජනපති අපේක්ෂක හා වැඩබලන ජනපති දුරකථන මගින් ඇමතුම් ලබාදෙන බවට වාර්තා පළව තිබේ...
නියමයි, හැබැයි දෙපැත්තටම සාධාරණ වෙන්න ඕනේ... නැතිනම් මොවුන්ගේ හිතේ මේ FB එක තමයි ඔක්කොම කරන්නේ කියලා...
ඔබ තරම් බලපෑම් කරන කෙනෙක් වෙන නැහැ...
සමාජ මාධ්‍ය ඔස්සේ බලපෑම් පමණක් නොව තර්ජාන්ත්මක ප්‍රකාශ නිකුත් කරමින් සිටියි.
බම්බුව තමයි...!
රනිල් ජනාධිපති ලෙස පත්වුවොත් පොහොට්ටු මන්ත්‍රීන්ගේ අලුබත් වූ ගෙවල් හදලා දෙන්නම් කියන එක ඡන්ද අල්ලසක් බැවින් රනිල්ට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නේද?
රනිල්ට ඡන්දය දෙන්න කියලා බලපෑම් කරන සේරම අල්ලා ගනිල්ලා..!
මුදලට මන්ත්‍රීලා ගන්න හදන එක ඊට එහා ගිය නීති විරෝධී වැඩක්. ඒක ගැන හොයන්නේ නැතිව රනිල් මේ කරන්න හදන්නේ අරගලයට තර්ජනයක්. තාම ජනතාවගේ බලය ගැන නොදැන තනි මතයට වැඩ කරන්න ගිහින් ඇණගන්නවා.
හපෝයි, ඒකනම් හොඳයි. මොකද සමහර අය කෝල් දීලා ගිනිතියපු ගෙවල් හදාදෙන්නම් කියනවලු ඡන්දෙ දෙනවා නම්. ඇමැතිකම් 54ක්, අගමැතිකම් 8ක් දෙන්නම් කියනවලු. මිලියන ගණන් සල්ලි ඔෆර් කරනවලු. මේවා කරන්නේ තමන්ට වැඩක් නැති මිනිස්සු නේද?
කරන්න පුලුවන් හැම ජරාවැඩක්ම කරන්න හදන්නේ පේන විදියට...
මන්ත්‍රීලා පත් කළේ අපි, ඔවුන්ට බලපෑම් කිරීමේ අයිතිය අප සතුයි. සාලිය පීරිස්, මේ පිං අගමැති/ ජනාධිපතිට මේක කියලා දෙන්න...!
එතකොට පාර්ලිමේන්තුව ඇතුලින් බලපෑම් කරලා පගාදීලා අල්ලා ගත්තාට කමක් නැද්ද? කාටද දන්නේ නෑ නේද මේ ගොන් කතා කියන්නේ?
අපේ ඡන්දයෙන් පත්කළ අයට අපේ අභිමතය අනුව අපේ හිත සුව පිණිස පමණක් මේ ප්රශ්නයේදී සාධාරණව කටයුතු කරන ලෙස බලපෑම් කිරීමේ නිදහසක් අපට නැද්ද? එහෙම වැඩ නොකර තමන්ගේ වාසියට වැඩ කරන මන්ත්‍රීවරුන්ට නැවතත් අපේ ඡන්දෙ ඉල්ලගෙන ගමට එන් නම් එපා කියන්න අපට බලයක් නැද්ද?
පුළුවන් නම් අත තියලා බලන්නකෝ.. ජනතා බලවේගෙ තරම දැනගන්න පුළුවන් වෙයි.
කිසිම බලපෑමක් නෑ. හැබැයි ඉතින් ඔයාට ඡන්දෙ දීපු මන්ත්‍රීවරුන්ට ගමට නං එන්න හම්බ වෙන්නේ නෑ...
මේ 2022 හොඳේ...!
බැංකු හොරා ඡණ්ඩියෙක් වීම ගැන අපි පුදුම වෙන්නේ නැහැ. අපි ළඟ ඒකටත් බෙහෙතක් තියෙනවා.