(සුජිත් හේවාජුලිගේ)
ප්‍රචණ්ඩකාරී පිරිස් විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ඇතුළු දේපළවලට හානි කරනු ලැබීමේ සිද්ධීන් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරී කණ්ඩායමක් ඊයේ (23) පාර්ලිමේන්තුවට පැමිණ මන්ත්‍රීවරුන් 25 දෙනෙකුගෙන් පමණ කරුණු විමසා ප්‍රකාශ සටහන් කර ගත්තේය.
පොලිස් නිලධාරීන් කණ්ඩායම එම දේපළවලට අලාභහානි කළ පුද්ගලයන් සහ සිදු වූ හානි පිළිබඳව මෙහිදී මන්ත්‍රීවරුන්ගෙන් දීර්ඝව කරුණු විමසා ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇත.
දිවයින පුරා පසුගිය මස 9 වෙනිදා සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන් වලින් මන්ත්‍රීවරුන් හැත්තෑ පස් දෙනකුගේ පමණ නිවාස ඇතුලු දේපළ හානියට පත්විය.
මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය ඉදිරියේදී තවත් මන්ත්‍රීවරුන්ගෙන් කරුණු විමසීමට නියමිතව ඇත.
මේ අතර මන්ත්‍රීවරුන්ගේ නිවෙස් ගිනි තැබීම සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ එම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු පිරිසක් සමග පාර්ලිමේන්තු බලධාරීන් පසුගියදා සාකච්ඡාවක් පැවැත්වූහ.
එම සිද්ධීන් පිළිබඳව විමර්ශන පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී වැදගත් තීරණ කිහිපයක් ගෙන තිබිණැයි දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd