(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කාලයක් තිස්සේ ඇසීමට නොහැකිව ප්‍රමාද වූ ප්‍රශ්න 50 කට පිළිතුරු ලබා ගැනීමේ අවස්ථාව මන්ත්‍රීවරුන්ට අද(4) සඳුදා මැතිසබයේදී උදාවනු ඇත.
බොහෝ දෙනකුගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා වෙනම දිනයක් මෙලෙස වෙන් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව පසුගියදා තීරණය කළේය.
මේ අනුව මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න සඳහා පාර්ලිමේන්තුවේ අද(4) දින පෙරවරු 10.00 සිට පස්වරු 03:30 දක්වා සම්පූර්ණ කාලය වෙන් කෙරෙනු ඇත.
මේ අතර 2017 අංක 12 දරන විදේශ විනිමය පනත යටතේ නියෝග, 1979 අංක 40 දරන අපනයන සංවර්ධන පනත යටතේ 2270/59 සහ 2280/32 අංක දරන ගැසට් පත්‍රවල පළ කළ නියෝග, රේගු ආඥා පනත යටතේ ආනයන තීරු බදු සම්බන්ධයෙන් වන යෝජනා සම්මතය සහ 2020 අංක 7 දරන විසර්ජන පනතේ 8 වන වගන්තිය යටතේ යෝජනා සම්මතය අනිද්දා (5) දින විවාද කිරීමෙන් අනතුරුව අනුමත කර ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවැසීය.
තවද 2007 අංක 48 දරන විශේෂ වෙළද භාණ්ඩ බදු පනත යටතේ නියමයන් 6 ක්ද 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනත යටතේ අංක 2282/21 සහ 2282/22 යන ගැසට් පත්‍රවල පළ කළ රෙගුලාසිද එදින විවාද කිරීමෙන් පසුව සම්මත කර කරගැනීමට නියමිතය.
අනතුරුව සභාව කල් තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා ප.ව 4.30 සිට ප.ව 4.50 දක්වා කාලය වෙන්කර ඇත. ආණ්ඩු පාර්ශ්වය ඉදිරිපත් කර ඇති යෝජනාව අනුව සභාව කල් තබන අවස්ථාවේ විවාදය ප.ව 4.50 සිට 5.30 පැවැත්වීමට තීරණය කර ඇතැයි මහලේකම් කාර්යාලය පවසයි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්න පනහකට හෙට මැතිසබයේදී පිළිතුරු
sharm warn Monday, 04 July 2022 10:48 AM
ඇයි දැන් අහන්නේ? මෙච්චරකල් මේ ප්‍රශ්න ඇහුවේ ඒ ප්‍රශ්නෙ විසඳන්න ඕනෙ වෙලාවේ... දැන් ප්‍රශ්නෙ වෙනස්වෙලා ලොකු ප්‍රශ්නයක කොටස් බවට පත්වෙලා තියෙද්දී මොනවද බොරුවට ඒවට කාලෙ වැයකරන්නේ..? කාවද මේ තවත් රවට්ටන්නේ..? අනිත් එක මොවුන්ට පාර්ලිමේන්තු එන්න ඉන්ධන ගැහුවේ මොන පෝලිමේ ඉඳලද?