(සුජිත් හේවාජුලිගේ )
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඉන්ධන දීමනාව හදිසියේම ලක්ෂ දෙකකට ආසන්න මුදලකින් වැඩි කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.
මේ අනුව යාපනය වැනි ඈත දුර බැහැර ප්‍රදේශවල මන්ත්‍රීවරයකුට ඉන්ධන වෙනුවෙන් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් අමතර වශයෙන් සිය වැටුපට මාසිකව බැර කෙරෙනු ඇත.
සෙසු පළාත්වල මන්ත්‍රීවරුන්ටද ලක්ෂයකට වැඩි මුදලක් මේ අනුව හිමිවනු ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඉන්ධන සඳහා ලබාදෙන දීමනාව පසුගිය ජුනි මාසය දක්වා ලබාදී ඇත්තේ පැරැණි ඉන්ධන මිලට අනුව ගැළපීමෙනි. වැඩි කෙරුණු ඉන්ධන මිල අනුව ගලපා දීමනාව ගෙවීම ආර්ථික අර්බුදය හේතුවෙන් හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ නියෝගයක් අනුව පසුගිය කාලයේදී නතර කෙරිණ.
ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන ඉන්ධනවල අලුත් මිල ගණන් අනුව ගලපා දීමනාව ගෙවන ලෙස මන්ත්‍රීවරුන් ගණනාවක් රජයේ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ. ඉන්ධන දීමනාව මෙසේ වැඩි කර ඇත්තේ එම ඉල්ලීමේ ප්‍රතිඵලයක් විදියට බව ඒ ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බොහෝ දෙනකු පාර්ලිමේන්තුවට පසුගිය කාලයේදී පැමිණියේ ඉතාම අඩු වශයෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට අලේ හැම එකටම විරුද්ධ වුණු කට්ටිය විරුද්ධව විවාදයක් ඉල්ලුවේ නැද්ද? 225 කවුරුවත් නෑ අපි ගැන හිතන... මේක තේරෙන්නේ නැහැ අපේ අයට...
කාටත් අමාරූ කාලයක් නේ.කමක් නැ මදි නම් තව වැඩි කරගන්න.මම හිතන්නේ අර ජනතාවාදී විපක්ෂ සහ පාර්මේන්තුවේ ඉන්න සුජාතම 3දෙනා මේ මුදල් වැඩ් ප්‍රමානය ගන් නැතුව ඇති.
ඉන්ධන ලබාගැනීමේ දුෂ්කරතා ආර්ථික හිඟපාඩු තිබෙන්නේ මේ අපිට වැඩකරන 225ට විතරයි. හරියට ජනතාවට වැඩක් කරනවා නම් තව කමක් නෑ. තමන්ගේම හැන්දෙන්ම බෙදා ගන්නව ඇරෙන්න වෙන දෙයක් නෑ. අවුරුදු 74ක් රට විනාශ කළා.
ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන
ඔක්කොටෝම දෙන්නේ මොකටද? ගෙවල් තියෙන දුර අනුව දුන්නා නම් කමක් නෑ. 226 ම එකයි කියන එක සම්පූර්ණ ඇත්ත.
මේකත් ඔන්ලයින් තිබ්බානම් හරිනේ...
එතකොට මේ ආර්ථික අමාරුකම් තියෙන්නේ 225 ට විතරද..? සාමාන්‍ය ජනතාවට ඔය දේවල් දැනෙන්නේ නැද්ද...?
රනිල් මෙරට දෙගුණයක් බංකොළොත් කරලා තමයි ගෙදර යන්නේ..., බැසිල්ට තිබ්බ කැක්කුමවත් ඔය මිනිහට නැහැ.
මේ ඔක්කොම වැඩි කරගන්නවා... ජනතාවට තමයි ඔක්කොම හිරිහැර..
මිනිස්සු අනේකවිධ දුක් විඳින මොහොතේ කවුද බලමු 225න් මේක ප්‍රතික්ෂේප කරන්නේ..? එහෙම අය නැතිනම් ඔය 225ම එපා කියන කතාව හරි...
මාසයකට පාර්ලිමේන්තු තියෙන්නේ දවස් කීයද? ඒකට ඔච්චර ගෙවන්නේ මොකටද?
අපිට එදා වේල කන්න නැ. මුන්ට තෙල් මුදල වැඩි කරගන්න ඕනැලු. සක්කිරියෝ.
ජෙප්පෝ මීක් නැහැ නේද?
දැන් ඔය රනිල් වැඩ පටන් ගත්තා විතරයි. රට තවත් වලපල්ලට...