(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මන්ත්‍රීවරු සිවු දෙනෙක් පාර්ලිමේන්තුවේ කමිටු දෙකකින්  පසුගියදා ඉල්ලා අස්වූහ.

මහාචාර්ය රංජිත් බණ්ඩාර, එස්. බී. දිසානායක සහ ධම්මික පෙරේරා යන මහත්වරු ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ  පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී ඇතැයි  කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (5) දැනුම් දුන්නේය.

එම ඉල්ලා අස්වීම්  හේතුවෙන් ඇතිවූ කමිටුවේ පුරප්පාඩුවලට නිමල් ලාන්සා සහ  නාලක බණ්ඩාර කෝට්ටේගොඩ යන මන්ත්‍රීවරුන්  සහ  මංජුලා දිසානායක  මහත්මිය පත් කරන ලද බවද  කතානායකවරයා දැන්වූයේය.

මේ අතර මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා විවෘත සහ වගකිවයුතු රජයක් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකත්වයෙන්  ඉල්ලා අස්වීමෙන් ඇතිවූ පුරප්පාඩුව තේරීම් කාරක සභාව විසින් මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පත් කරනු ලැබ ඇතැයිද  කතානායකවරයා සඳහන් කළේය.