
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මූලික අරමුණු වලින් බැහැරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 36 දෙනකුට ජනාධිපති අරමුදලෙන් 2005- 2024 කාල සීමාවේදී රුපියල් කෝටි ගණනින් මුදල් ලබා දී ඇතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (17) පැවසීය.
මෙයින් වැඩිම මුදල ලබා දී තිබුණේ හිටපු අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතාට බවත් ඔහුට රුපියල් කෝටි තුනක මුදලක් දී තිබූ බවත් අමාත්‍යවරයා කීවේය.
මේ අතර අග්‍රාමාත්‍ය වෛද්‍ය ඒකකය වෙනුවෙන් 2022- 2024 කාල සීමාවේදී රුපියල් එක්කෝටි විසි එක් ලක්ෂයක මුදලක් වැය කර ඇතැයි පැවසූ ජයතිස්ස මහතා වර්තමාන අග්‍රාමාත්‍යවරිය බලයට පත්වීමෙන් පසු ගිලන් රථ භාරදී එම වියදම් කපා හැරිය බවද ප්‍රකාශ කළේය.
ඔහු මෙසේ පැවසුවේ පාසල් දරුවන්ගේ ලිපි ද්‍රව්‍ය වියදම් පිළිබඳ පරිපූරක ඇස්තමේන්තු විවාදයේදීය.
නලින්ද ජයතිස්ස මහතා මෙසේද පැවසීය දරිද්‍රතාවයට පිළියමක් ලෙස අධ්‍යාපනික අවශ්‍යතා සඳහා ආගමික වත් පිළිවෙත් සඳහා, ජාතිය වෙනුවෙන් සේවය කළ අය සඳහා තමයි ජනාධිපති අරමුදලෙන් මුදල් වෙන් කරන්න පුළුවන්. ඒවා තමයි එම අරමුදලේ අරමුණ. නමුත් ඒ අරමුදලේ අරමුණෙන් බැහැරව වෙනත් වෙනත් පුද්ගලයන්ට මුදල් දීලා තියෙනවා.
2005 2024 කාල සීමාවේදී ජනාධිපති අරමුදලින් වෙන් කරන ලද ගෙවීම් සම්බන්ධයෙන් සම්බන්ධ තොරතුරු මගේ ළඟ තියෙනවා. ජනාධිපති අරමුදලෙන් ආධාර ලබාගත් කට්ටිය මෙන්න. පී හැරිසන්, පියසේන ගමගේ, සුමේධා ජයසේන, මනෝජ් සිරිසේන. පී දයාරත්න එස් සී මුතු කුමාරණ, වාසුදේව නානායක්කාර, සරත් අමුණුගම, එස් බී නාවින්න යන හිටපු මන්ත්‍රීවරුන් මෙසේ ජනාධිපති අර මුදලින් මුදල් අරගෙන තියෙනවා. තවත් නම් ටිකක් තියෙනවා හොයාගන්න ටිකක් අමාරුයි. එක්කෙනෙක් ජේ.පී.ඩී.කේ ජයසේකර. එතන තියෙන්නේ කුරුණෑගල හිටපු මන්ත්‍රී කියල කුරුණෑගලින් ආපු ජේ.පී.ඩී.කේ ජයසේකර. කවුද. අපි දන්න එක ජයසේකර කෙනයි ඉන්නේ. කවුද ඒ ( සෙසු මන්ත්‍රීවරු දයාසිරි ජයසේකර යනුවෙන් හඬ නගති)
කළුතර දිස්ත්‍රික්කයේ එච්පී.එන් ඩී සිල්වා මෙහෙම නමක් ඡන්ද ව්‍යාපාරයේ තිබුණේ නෑ. හැබැයි පියල් නිශාන්ත ද සිල්වා නම් තිබ්බා. එයා තමයි මේ. එස් ඒ ඩී ප්‍රේමජාන්ත ගෙදර ලිපිනය නුගේගොඩ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී. සුසිල් ප්‍රේම ජයන්ත ඔව්. මේ නම ටිකක් හොයාගන්න අමාරු වුණා . ඊ ඊ අයි ඩී ඩී පෙරේරා බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති ඉසුර දේවප්‍රිය ධර්මසේන පෙරේරා, එස් ඒ ජගත් කුමාර ලක්ෂ දහයයි. කේ.පී.එස් කුමාරසිරි නම ලක්ෂ පනස්තුන්දහසයි . ජයලත් ජයවර්ධන ලක්ෂ දහයයි, නාමල් ගුණවර්ධන ලක්ෂ දහයයි, ධර්මදාස බණ්ඩා ලක්ෂ දහයයි, විදුර වික්‍රමනායක ලක්ෂ පහළවයි, විමල වීර දිසානායක ලක්ෂ තිහයි, ලකී ජයවර්ධන ලක්ෂ දාසයයි, පී චන්ද්‍රසේකරන් ලක්ෂ දාහතරයි, ජෝන් අමරතුංග ලක්ෂ 40යි, ජෝසප් මයිකල් පෙරේරා ලක්ෂ 27 යි, ටී.බී ඒකනායක ලක්ෂ 48යි, ඩබ්. එම් එස් ෆොන්සේකා ලක්ෂ පනස් පහයි, මේ සරත් ෆොන්සේකා නොවෙයි. ජයන්ත වීරසිංහ ලක්ෂ අනූවයි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නීති උපදේශක. ඇලෙක් අලු විහාරේ ලක්ෂ විසි දෙකයි, රංජිත් අලු විහාරයේ ලක්ෂ අටයි, අළු විහාරයේ පරම්පරාවම බෙහෙත් අරගෙන තියෙන්නේ ජනාධිපති අරමුදලින්, රාජිත සේනාරත්න කෝටියයි, කෙහෙළිය රඹුක්කුවැල්ල ලක්ෂ එකසිය දහයයි, එම්.කේ.ඒ.ඩීඑස් ගුණවර්ධන ලක්ෂ එකසිය දොළහයි, රංජිත් සොයිසා ලක්ෂ 188යි, දිමු ජයරත්න කෝටි තුනයි, මේ ජනාධිපති අරමුදල මුදල්. අපේ ගමේ මිනිස්සු ලක්ෂ තුන හතරක් ගන්න කොච්චර මහන්සි වෙනවද. මේවා ලියල තියෙන්නෙ දුප්පත්කම නැති කරන්නද. ඥානය වර්ධනය කරන්නද. මෙහෙම තමයි ජනාධිපති අරමුදල පාවිච්චි කරලා තියෙන්නේ මේ මණ්ඩලයේ සභාපති ජනාධිපති. මේවා මේ රටේ පාර්ලිමේන්තුව දන්නේ නැහැ ජනතාව දන්නෙත් නැහැ. දරුවෝ වෙනුවෙන් වියදම් කරන්න තිබුණු මුදල් මේ. අගමැති කාර්යාලයේ වෛද්‍ය ඒකකයේ වියදම් ( 2022 සිට 2024 සැප්තැම්බර් දක්වා ) එක්කෝටි 21ක් ලක්ෂයක්. අග්‍රාමාත්‍යවරිය ගිලන් රථ භාර දීලා අඩු කරලා තියෙන්නේ මේ වියදම් තමයි. ජනතාවගේ බදු මුදල් තමුන්නාන්සේලා වියදම් කරපු හැටි තමයි මේ. කවුද මේවා පාවිච්චි කලේ දිනේෂ් ගුණවාදන, මේවා නතර කරන්න තමයි ජනතාව අපිට බලය දුන්නේ, රටේ සමහර භාණ්ඩවල හිඟයක් තියෙනවා, ඔබතුමා ලන්ඩන් විශ්ව විද්‍යාලයකට ගියා කියනවා ( සජිත් ප්‍රේමදාස දෙස බලා) ඕන නම් ඒ සහතික ඉදිරිපත් කරන්න පුළුවන්. අශෝක රන්වල ඉවත් වුණේ මේ මොහොතේ උපාධි සහතිකය ඉදිරිපත් කරන්න බැරි වුණ නිසා. උපාධිය නැති නිසා නොවේ. එතුමා ඒක ඉදිරිපත් කරන්නේ යම් කාලයක් ගන්නවා. විපක්ෂ නායකතුමාට සමාජ මාධ්‍යයෙන් චෝදනාවක් තියෙනවා. හර්ෂද සිල්වා මහතාගේ උපාධිය ගැන අද කවුරුත් ප්‍රශ්න කරන්නේ නෑනෙ. නමුත් සජිත්ගේ සහතිකය ගැන ප්‍රශ්න කරනවනේ. ඔබතුමා මේක ඉදිරිපත් කරානම් හරි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙහෙලියටත් ලක්ෂ 80ක් දීලා තිබුනා ඒ දවස්වල ඔස්ට්‍රලියාවේ කොටුපනින්න ගිහින් හෝටලයෙන් වැටිච්ච වෙලාවේ පවුලටම ඔසී යන්න
පාසල් දරුවන්ට සල්ලි ආණ්ඩුව දෙන්නේ ඇයි.එය දෙමාපිය වගකීමක් නොවේද? දෙමාපිය වගකීම බෝකිරීම විතරද? තම පවුලේ වගකීම දරන්න බැරි දෙමාපියන් දරුවන් හැදීම සාධාරණීකරනය කල හැකිද? දරුවන් කියන්නේ දෙමාපියන්‍ගේ එක්තරා ක්‍රියාවක අහඹු ඵලයක් විතරද?
මහජනතාවට උපකාර කරන්න වෙන් කරපු මුදල් මේ විදිහට ඒගොල්ලෝ අතරේ බෙදාගත්ත එකට හිටපු ජනාදිපති 4 දෙනාට වෙන වෙනම නඩු දාල මේවා අපහු රජයට අය කරගන්න ඕනේ
ඇත්තටම මැටි ඇමටිලාට රක්ෂණයෙනුත් ලොකුවට මුදල් ලැබෙනවා නේද. ඒවායේ වාරික ගෙවීමත් ජනතාවගේ මුදල් නේද වියදම් කරන්නෙ ඔහොම කරපු උන්දැල යන්න ගියා .නැවතත් එන්න බලනවා නම් එන්නෙ ඕවටම තමයි .එනිසා ජනාධිපති අරමුදලෙන් නිස්චිත කරුණුවලට බැහැර කටයුතු සදහා මුදල් නිකුත්කිරීම වරදක් හැටියට නීතිගත කරන්න
රිලාසිරියා පහුගිය දවස්වල දැගලුවේ ප්‍රතිථල ලග ලග එන බව දැනගෙන වෙන්න ඇති. ජනාධිපති අරමුදලත් මංකොල්ල කාලා තියෙනවා මේ කම්බ හොරු. ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක විපක්ෂයේ නල්ලමලේ බඩු වල කළිසම ඔලුවෙන්ම ගැලෙව්වා අපේ හාමුදුරුවනේ!
විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත් ඕනෑම උපධිදාරයකු එම සහතිකය උපාදී ප්‍රධානය කරනා වූ උත්සවයෙන් පසුව "විශ්වවිද්‍යාලයේ තබා ගෙදරට පැමිණෙන්නේ නැත" උපාධි ලාභියෙකු උපදී ප්‍රධානය කරන්නා වූ උත්සවයට සහභාගි වීමට අවස්ථාවක් නොලද හොත් විශ්ව විද්‍යාලය හෝ අධ්‍යාපන ආයතන එම සහතික නිවසට තැපැල් මගින් එවීම සිදුකරයි.
පුදුම කෑමක් මේ හොරු රංචුව කාලා තියෙන්නේ. මුන්ට යම රජ්ජුරුවන්ගෙම පිහිටයි.
මේවට නම් බලු මැක්කොන්ට තියා බල්ලොන්ටවත් දෙන්න උත්තරයක් නැතිවෙයි.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කාලේ ගම්පහ නගරයට කිට්ටුව ජා ඇල පාරේ ගමක පන්සලක දහම් පාසල් ගොඩනැගිල්ල හදන්න ලක්ෂ 10ක් ජනාධිපති අරමුදලෙන් දුන්නා. තාම ගොඩනැගිල්ල හදලා නෑ. සල්ලි ගැන හාමුදුරුවන්ගෙන් ඇහුවම කියන්නේ චෙක් එක තිබ්බේ එයාගේ නමට. සාසනේට දුන්නු දේවල් ගැන හොයන්න එපා කියලා.. ඊට අමතරව ගමේ මිනිස්සු , වටපිටාවේ ව්‍යාපාරිකයන් සල්ලි ඒ වෙනුවෙන් පරිත්‍යාග කරලා තියෙනවා. සල්ලිවලට වගේම දහම් පාසල් ගොඩනැඟිල්ලටත් වෙච්ව් දෙයක් නෑ.
ජනාධිපති අරමුදලෙන් සාමාන්‍ය ජනතාවට දීපු මුදල් ගැනත් කියනවද? සෑම හදවත් සැත්කමකටම, ඉන්දියාවේ ඇපලෝ රෝහල වෙත ගිය රෝගීන්ට ජනාධිපති අරමුදලෙන් ලක්ෂ 10 වෙනකන් අරමුදල් දුන්නා. ඔබලාගේ අයත් ඒ විදියට ගත්තු මුදල් ප්‍රමාණය කීයද?
ජනාධිපති අරමුදල අවභාවිතා කර ඇති බව ඉතා පැහැදිලිය. මෙම මුදල් ගෙවීමට සාමාන්‍ය ජනතාව ඉදිරිපත් කළ ආකාරයට ග්‍රාම සේවක වාර්තා ලබගෙන තිබේද කියා නොදනිමු. දුප්පතෙකුට වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලැබෙන්නේ ලක්ශ 3 ට ආසන්න මුදලක් ය. එහෙත් මෙහි සඳහන් අයගේ ප්‍රතිකාර සඳහා ගෙවා ඇති මුදල පුදුම සහගතය. ජනාදිපති අරමුදල් අවභාවිතා කර ඇති බව පැහැදිලිය. මෙය පිලිබඳ පූර්ණ වාර්තාවක් ජනතාවගේ දැන ගැනීම සඳහා ඉදිරිපත් කරන ලෙස වත්මන් පාලකයන්ගෙන් ඉල්ලා සිටිමු. එසේම් දුප්පතාට දෙන ආදාර මුදල ද වහා වැඩි කරන ලෙස ඉල්ලා සිටිමු.
සම්පූර්ණයෙන්ම අසාධාරණයි. ඔවුන් එය වහාම ජනාධිපති අරමුදලට ගෙවීමට සැලැස්විය යුතුයි. එසේ නොමැති නම්, අවභාවිත කළ අරමුදල් ඉහළ නැංවීම සඳහා ඔවුන්ගේ දේපළ අල්ලා ගන්න. මේ කෑදර විලිලැජ්ජා නැති උදවිය වහා මුදල් ගෙවා හරි දේ කරයි, නැතිනම් මේ ජීවිතයේ හෝ ඔවුන්ගේ ඊළඟ ජීවිතයේ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ස්වභාවධර්මයෙන් ලැබේවි.
ඔය තියෙන්නේ, පුස් බයිසිකලයක්වත් නැතුව දේශපාලනයට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ ඇපල් වතු ගත්ත හැටි ඔය තියෙන්නේ. කාගේ සල්ලි ද? පැය 8-12ක් දුක් විදින ජනතාවගේ බදු සල්ලි නේද මේ හොරු සුරසැප ලබන්නේ?
මහින්ද මහත්තයා ජනාධිපති වුණාට පස්සේ තමයි ජේආර් යහපත් අරමුණෙන් ඇතිකළ ජනාධිපති අරමුදල අවභාවිතා වෙලා තියෙන්නේ කියලා පැහැදිලියිනේ... ඔහුගේම කාලයේ සුනාමියේ අනාථයින් සඳහා ලැබුණු දේවලුත් අවභාවිතා වුණා කියලා නොදන්නා කෙනෙක් ඉන්නවා නම් ඒ සාගතලා වගේ අයම පමණයි...
හාල් පොල් ගැන අහන්න කලින් මේවා ගැනත් බලන්න . මේ විදියට හරි රටක් තියන එක ලොකු දෙයක් .තව ඇවිත් මාසෙන් දෙකෙන් මැජික් ඉල්ලන අයට මේවා පෙන්නේ නැද්ද
කාලකන්නි අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් මේ නාකින් නඩත්තු කල්ලා තියෙන්නේ. සල්ලි නැතුව බෙහෙත් ගන්න ලමයින් කොච්චර නැතිවෙනෝ ඇත්ද.මුන් ඒවාට දෙන්න ඕන සල්ලි විනාස කල්ලා තියෙන්නේ. මුන්ට කඩේ යන වහල්ලු තාම ඉන්නෝ නේ.
අසරණ මිනිස්සුන්ට දෙන්නේ කීයද රුපියල් 50,000 ක් වගේ තමයි උපරිම ගොඩක් අයට ලැබෙන්නේ. එකටත් form fill කරලා මාස ගානක් බලන් ඉදලා රස්තියාදු වෙලා තමයි . මුන්ට කෝටි ගණන්, හොරා කාල කාල ඒ මදිවට
අනේ මේ අසරණ දුගී අයට ලැබෙන සොච්චම් වැටුපෙන් සිංගප්පූරු මාරිකා ඕස්ට්‍රේලියා ගිහින් කරන්නේ කොහොමද . පව් .ජනතා සේවයට කැප උන උත්තමයෝ නේ ඉතින්
ඊනියා ජනාධිපති අරමුදල අහොසි කරන්න!
මට කියන්න තියෙන්නෙ හාල් පොල් අල්ලගෙන රජයට මඩ ගහන අය කල්පනා කරන්න ඔබේ නෑයෙක් හිතවතෙක් හෘදය සැත්කමකට මේ අරමුදලෙන් සල්ලි ගන්න කොපමණ අමාරුද, එහෙම නැත්නම් එහෙම කරගන්න බැරිව මෙලොව හැර ගිහිපු අය කොපමණද කියල, ඒක නිසා මෙිව හෙලිවෙනවට නැත්නම් වහගෙන කන්න බැරිවෙනවට නඟන අඳෝනා වලට අලගු තියන්න එපා, මේඔබේ පන්තියේ අය නොවෙයි වරලප්‍රසාද ගත්තෙ,ඔබේ අපේ පන්තියෙ ගමක දුප්පත් මිනිහෙක් රටේ පාලකය, එයා ගැන විශ්වාස කරන්න. ඔහුට හැර මේව හෙළි කල හැකි කෙනෙක් නැහැ සේරම කලේ බෙදාගෙන කෑම.
ජනපති අරමුදලේ තියෙන ඔක්කෝම මුදල් මධ්‍යම සහ දුප්පත් ජනතාවගේ මුදල්, ජනපති අරමුදලට මුදල් බැරවෙන්නේ ජාතික ලොතරැයි මණ්ඩලයෙන්. ලොතරැයි මිළදී ගන්නේ මධ්‍යම සහ දුප්පත් ජනතාව මිසක් ධනවත් සුපිරි පැලැන්තිය නෙවෙයි. එයිනුත් රජයේ රෝහල්වලින් ප්‍රථිකාර ගන්නේ බහුතරයක් දුප්පත් ජනතාව. රටේ ජනතාවට කල් ඉකුත්වූ සහ තත්වයෙන් බාල බෙහෙත්, එහෙම නැත්නම් ඔසුසැලෙන් අධික මිලට බෙහෙත්, එහෙමත් නැතිනම් ඔවුන් බෙහෙත් නැතිව මිය යායුතුයි. ඒ වුණාට රටකාපු දේශපාලන හැතිකරේට, සිංගප්පුරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලෙන් සුපිරි ප්‍රතිකාර, වියදම ජනපති අරමුදලෙන්. දැන් මේ පුවතට අනුව පුද්ගලයින් 6 දෙනෙක්ට විතරක් ලක්ෂ 900 දීලා තියෙනවා. අම්මගේ - අප්පගේ බුදලේද කියලා බලන්නෙවත් නැතිව. බත්කන හරක්ට නම් හාල්, පොල්, බිත්තර ටික අඩුවට තියෙනවා නම්, අළුතින් ආපු කට්ටියට උපාධිය තියෙනවා නම් හොඳටම ඇති, රටට කෙළවුනත්...!!!