IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මන්ත්‍රීවරු 20ක් වත්කම් ඉදිරිපත් කර නෑ

(සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසි දෙනකු වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කිරීම පැහැර හැර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවැසේ.

මේ සම්බන්ධයෙන් එම මන්ත්‍රීවරුන් විසිදෙනාට යළි සිහිකැඳවීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාර දිය යුතු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 169කි. මේ සෑම මන්ත්‍රීවරයකුම සෑම වර්ෂයකම ජුනි 30 වැනිදාට ප්‍රථම සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදිය යුතුවේ.

වත්කම් බැරකම් ප්‍රකාශ බාරදී නැති මෙම මන්ත්‍රීවරුන් විසි දෙනා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විශේෂ අවධානය යොමු වී ඇත.

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නව පනත අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සෑම වසරකම අගෝස්තු 31 වැනිදා තෙක්ම සිය වත්කම් ප්‍රකාශ බාරදීම පැහැර හැරියහොත් වසරකට නොවැඩි සිර දඬුවමක් හෝ මාස දොළහක වැටුප්වලට සමාන දඩ මුදලක් හෝ එම දෙකම හෝ නියම කිරීමට නීතිමය ප්‍රතිපාදන පවතී.

1988 අංක 74 දරන පනතින් සංශෝධිත 1975 අංක 01 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ පනතෙන් දක්වා ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශ කළ යුතු නිලධාරීන් සහ පුද්ගල කාණ්ඩවලට අමතරව 2023 අංක 09 දරන දූෂණ විරෝධී පනතේ 80 වැනි වගන්තියෙන් ද තවත් නිලධාරීන් හා පුද්ගල කාණ්ඩ ගණනාවක් වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ ලයිස්තුවට ඇතුළත් කර ඇත.

 



අදහස් (5)

මන්ත්‍රීවරු 20ක් වත්කම් ඉදිරිපත් කර නෑ

sam Tuesday, 13 August 2024 09:26 AM

වත්කම්, බැරකම් ප්‍රකාශ කරන කොට අනුන්ගේ නම්වලින් හොරාට හංගන් ඉන්න දේපළ, ගිණුම්, මුදල්, වාහන ගැන දේවලුත් එළිකළ යුතුයි.

:       0       0

Lankabarana Tuesday, 13 August 2024 09:53 AM

මැතිවරණය සදහා නාමයෝජනා ඉදිරිපත් කළාම විරෝධතා ඉදිරිපත් කරන්න ප්‍රමාණවත් නැති කාලයක් ලැබෙනවා. සාමාන්‍යයෙන් නාමයෝජනා අරගෙන දිනක්වත් විරෝධතා සඳහා කාලය ලැබෙනවා නම් හොඳයි. ඉතින් වත්කම්, බැරකම් ඉදිරිපත් නොකරන හෝ නොකළ දේශපාලුවන් නාමයෝජනා ඉදිරිපත් කර ඇත්නම් ඔවුන්ට විරුද්ධව ජනතාවට මෙන්ම අල්ලස් හෝ දූෂණ සම්බන්ධ කොමිසමේ සාමාජිකයින්ට විරෝධතා ගොනු කිරීමට ඉඩක් දෙන්න ඕනෑ එහෙම නැත්නම් ඉදිරිපත් කළ නාමයෝජනා වෙනුවෙන් විරෝධතා නැති බවට අල්ලස් හෝ දූෂණ කොමිසමේ සහතිකයක් ඇතුව නාමයෝජනා පත්‍රය ඉදිරිපත් කිරීමට නීතියක් සැකසීම කරන්න ඕනෑ කොමිසමේ අනුමැතිය නොමැති නාමයෝජනා ප්‍රතික්ෂේප කරන්න ඕනෑ හොරු දූෂිතයින් අයින් කරන්න වෙනත් ක්‍රමයක් නැහැ...

:       0       0

Kazi Shajahan Tuesday, 13 August 2024 04:06 PM

කරුණාකරලා නම් ටික ජනතාවට දෙන්න. අපිට දැනගන්න ඕනෑ වත්කම් හෙළිදරව් කරන්න බැරි කවුද කියලා...

:       0       0

ජනරළ Tuesday, 13 August 2024 05:08 PM

තමන්ගේ දේශපාලන බලය තියෙන කම් මේ අය කවදාවත් රටේ නීති වලට ගරු කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ ඔවුන්ට ඕනි දේ විතරයි. ඔවුන් සිතන් ඉන්නේ රටේ නිතිය තියෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට පිළිපදින්න විතරයි සහ ඔවුන්ගේ අයිතිවාසිකම් තියෙනවනම් ඒවා නිතිය හරහා ලබා ගන්නයි විතරයි කියලා. මොවුන් බලයෙන් පහ කරන දවසක තමයි නීතියට යටත් වෙන්නේ. ඒ නිසයි ජනතාව තමන්ගේ චන්දය නිකම් මේ අහක යන වැඩකට නැති ප්‍රොක්සි අපේක්ෂකයන්ට නොදී තේරුමක් ඇති කෙනෙකුට දෙන්න ඕනි වෙන්නේ.

:       0       0

Prabha Tuesday, 13 August 2024 05:39 PM

ඒ දුප්පතුන් විසි දෙනාට කිසිම වත්කමක් නැතිව ඇති...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site